චීන පොහොර බාරගන්න නීති කඩන්න කැබිනට පත්‍රිකාවක් !

ශ්‍රී ලංකාවේ පවතින ශාක නිරෝධායන නීති යටතේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ කෘෂිකර්ම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ චීන පොහොර යලි භාරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීති නොතකා ක්‍රියා කිරීමට අවස්ථාව ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සඳුදා පවත්වන කැබිනට රැස්වීමට ඉදිරිපත් කිරීමට සුදානම් කොට ඇති බව වාර්තා වෙයි.

චීන සමගම සමග කළ සාකච්ඡා අනුව ඉදිරිපත් කරන සම්මුතියක් ලෙස ඉදිරිපත් වන මෙම කැබිනට පත්‍රිකාව අනුව ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නොකර වෙනත් පාර්ශවයක සහතික මත චීන පොහොර ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා විශේෂඥයන්ගේ වාර්තා පිළිගත නොහැකි බවට චීන සමාගම කරන චෝදනා පිළිගෙන මෙම කැබිනට පත්‍රිකාව සකස් කර ඇත.

ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ අවසරයකින් තොරව පොහොර බාර ගැනීමට අවස්ථාව සැලසෙන බව කියති.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් පනවා ඇති නීති උල්ලංඝනය කිරීමක් බව කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *