මුදල් ඇමති බැසිල් පැමිණෙයි : ඉදිරි සති කිහිපයේ තීරණාත්මක පෙරළි ?

ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද උදේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයකින් පැමිණි ඒ මහතා පිළිගැනීමට රාජ්‍ය ඇමති නිමල් ලන්සා ඇතුළු පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා කලින් යොදාගත් මැද පෙරදිග සංචාරය අවලංගු කොට දිවයිනේ රැඳී සිටීමට තීරණය කොට තිබේ.

රට මුහුණ දී ඇති දරුණු විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේ ද, නතොහොත් ඇති විකල්ප ක්‍රියාමාර්ග මොනවා ද යන්න තීරණය කිරීමට සඳුදා පැවැත්වෙන කැබිනට් රස්වීම්ට  බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය අතිශයින් වැදගත් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එමෙන් ම ඇමති මණ්ඩල සංශෝධනයක් ඇතුළු බරපතළ දේශපාලන සිදුවීම් රැසක් ඉදිරි සති කිහිපයේ දී දැක ගත හැකිවනු ඇතැයි ද දේශපාලනයේ තතු දත් ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ග කියන්නේ මෙය ආණ්ඩුවේ අළු යට ගිනි මතුවන කාලයක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *