රටේ ප්‍රශ්න බරපතළයි ; අගමැති මහින්දගේ ඩුබායි ගමන අවලංගුයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා සිට ඩුබායි රාජ්‍යයේ කිරීමට නියමිතව තිබු සංචාරය අවලංගු කොට ඇති බව වාර්තා වෙයි.

රටේ ඇති වී තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය නිසා අගමැතිතුමාගේ සංචාරය අවලංගු කළ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

රටේ ඩොලර අර්බුදය බරපතළ වීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයත් සලකා මෙම සංචාරය අවලංගු කොට ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *