ත්‍රිකුණාමලය තෙල් ටැංකි තවත් වසර 50 කට එල්.අයි.ඕ.සී.ට දෙයි


ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99 න් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 24 ක් සහ ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමට ටැංකි 61 ක් ලැබුණු පසුව ලංකා කනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 85 ක්ම පවතින බවත් ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51 ක් කොටස් හිමි තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් බවත් අමාත්‍යවරයා කීය.

යොහාන් භාසුර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *