මහ බැංකුව සංචිත රකී ! අත්‍යවශ්‍ය ආහාර අවුරුදුදාත් වරායේ !!

වසර අවසානයේ තම ප්‍රකාශිත ඩොලර් බිලියන තුනක සංචිත ඉලක්කය රැක ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා මහා බැංකුව වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 200 ක මුදල මුදා නොහැරීම නිසා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 ක් පමණ ජනවාරි 1 දාටත් වරායේ සිර වී තිබෙනු ඇතයි වාර්තා වෙයි.

භාණ්ඩ මුදා ගැනීමට ඉකුත් නොකර, වාණිජ බැංකුවලට ලැබුණු මුදල් ද ලබාගෙන සහ කලින් ලැබුණු සංචිත නොවන ණය මුදලක් ද එකතු කළ පසුව ද මහ බැංකුවට පෙන්විය හැකි සංචිතය වී ඇත්තේ ඩොලර් බිලියන 3.1 කි. වරායේ ඇති භාණ්ඩ මුදා ගැනීමට මිලියන 200 ක් මුදා හැරියහොත් සංචිත ප්‍රමාණය බිලියන තුනේ ඉලක්කයෙන් පහතට වැටෙයි. එබැවින් දෙසැම්බර් 31 පසු වන තුරු මහා බැංකුව කිසිදු මුදලක් නිකුත් නොකරනු ඇතැයි කියති.

මේ නිසා සහල් අඩංගු කන්ටේනර් 300 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 ක් වරායේ සිර වී තිබේ.

ඒ අතර මේ වනවිට දිවයින පුරා සහල්, කිරිපිටි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පවතියි.

ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ” සුබ නව වසරක් වේවා ! ” යි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *