’’කේවට්ටයන් නිසා රට ගෙනියන්න බෑ’’ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

 

ආණ්ඩුව ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න ඇති බවත් ජනපති වටා සිටින කේවට්ටයින් නිසා අද රට ගෙන යෑමට නොහැකි වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

එක කේවට්ටයකු නම් ඉවත්වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ආනන්ද හිමියන් මෙසේ පැවසූවේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.

පොහොර සම්බන්ධයෙන් එක කේවට්ටයකු දුන් උපදෙස් නිසා ජනතාවට අද මුළු රටම එපා වී ඇතැයි පැවසූ ආනන්ද හිමියෝ ඩොලර් පස්සෙ නොයා මේ අය එහා මෙහා කළොත් සියලු ප්‍රශ්නය විසඳිය හැකි බවද ප්‍රකාශ කළහ.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එම ධූරයෙන් ඉවත්වීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද උන්වහන්සේ පැවසූහ.

“එතුමා යනවනම් අපිට කියලයි යන්නේ ” යැයිද ආනන්ද හිමියෝ එහිදී ප්‍රකාශ කළහ.

සුජිත් හේවාජුලිගේ

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *