ඔන්න අපි ගමට ආවා ; කවුරුත් හූ කියන්නේ නැහැ – ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

‘සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට . අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙන කොට බොරු වෙලා තියෙනවා. විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදියට විපක්ෂය අසරණ වෙලා . ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊලග අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි( A005 ) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු.මිලියන 7200 ක් වැය කර සංවර්ධනය කල බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට 28-12-2021 වන ඊයේ දින සහභාගී වෙමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *