මහ බැංකුවට මුදල් එන්නේ චීනයෙන් ද ? මැද පෙරදිගින් ද ? ඉලක්කයට දින දෙකයි

දෙසැම්බර් මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන තුනක් වනු ඇතැයි  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දුන් සහතිකය අනුව එම මුදල් ලැබෙන්නේ චීනයෙන් ද ? නැතහොත් මැද පෙරදිග රටකින් ද ? යන්න අද ( 29 ) හෝ හෙට ( 30 ) දින දෙක තුළ ප්‍රකාශයට පත්වනු ඇතැයි වෙළෙඳපොළ නිරීක්ෂකයෝ විශ්වාසය පළ කරති.

අනිද්දා (31 ) වෙළෙඳ නිවාඩු දිනයක් වන අතර එදිනට ඩොලර් බිලියන තුනක ඉලක්කය සම්පුර්ණ වීමට අද හෝ හෙට මුදල් ලැබෙනු ඇතැයි කියති.

චීනයෙන් ඩොලර් බිලියන 1.5 කට සමාන ණය මුදලක් රෙන්මින්බි චීන මුදලින් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි විශ්වාසයකින් සිටින බව ද වාර්තා වෙයි.

මැද පෙරදිග රටවල් ගණනාවකින් ද රජය ණය ඉල්ලා ඇති අතර ඉන් කිසියම් මුදලක් ලැබෙනු ඇතැයි ද බලාපොරොත්තුවක් පවතියි.

මහ බැංකු අධිපති කබ්රාල් මහතා ප්‍රකාශ කළේ මුදල් ලබෙනබව ස්ථිර බවත්, ලැබුනේ කොහෙන්ද යන්න මුදල් ලැබුණු පසු ප්‍රකාශයට පත් කරන බවත් ය.

ඒ අනුව අද හෝ හෙට එම ප්‍රකාශය සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *