අවුරුද්දටත් ගෑස් දෙන්න බෑ ; ලිට්රෝ ප්‍රකාශයෙන් හෙළිවෙයි !

වෙළෙඳපොළේ දැනට පවතින ගෑස් හිගය නව අවුරුද්දක උදාව සිදුවන ජනවාරි පළමුවැනිදා වනවිටත් නොවිසඳෙන බව ලිට්රෝ සමගම අද නිකුත් කළ නිවේදනය මගින් පැහැදිලිවන බව ගෑස් වෙළෙඳපොළේ තතු දත් ආරංචි මාර්ග කියයි.

වෙළෙඳපොළට සියයට 80 ක් ගෑස් නිකුත්කරන ලිට්රෝ සමාගම අද කීවේ ගෑස් සැපයුමේ ප්‍රමාදයක් ඇති බව සහ මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර් 25,000 ක් 30,000 ක් පමණ ප්‍රමාණයක් පමණක් නිකුත් කරන බවයි.

සාමාන්‍ය ගෑස් සැපයුම පැවතිය දී දිනකට සිලින්ඩර් ලක්ෂයක් පමණ නිකුත් කිරීමට සිදු වූ බව සැලකිල්ලට ගත්  විට, සති ගණනක් ගෑස් හිගව තිබු පසුබිමක දිනකට සිලින්ඩර් 30,000 ක් නිකුත් කොට මෙම හිගය අවසන් කළ නොහැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

ඉදිරියේ දී සැපයුම වේගවත් කිරීමට කටයුතු කරන බව සමා ගම ප්‍රකාශ කළ ද එය සිදු කළ හැකි දිනයක් පිළිබඳව ඉඟියක් හෝ දී නොතිබිණි.

එම නිසා ගෑස් හිගය ඉදිරි සතියේ දීත් අවසන් වේ යයි කිව නොහැකි බව තතු දත් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

එහි තේරුම නම් අවුරුද්දට කිරිබත් තියා කැඳක් වත් හදා ගැනීමට බොහෝ දෙනාට නොහැකි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *