පුපුරවනු ලැබුවේ ගැස්, ලිප් හා කුස්සි පමණක් නොවේ. ඒ සමග සන්නාමයන් ද පුපුරා ගියේ ය – නිශාන්ත කමලදාස

අප කුඩා කල වෙළඳ පොලේ විකුණු ඔ්නෑම සහල් වර්ගයක වී, ගල් හා කළු ඇට තිබුනේ ය. වී හා කළු ඇට අතින් ඇහිඳිය යුතු ය. එය එකල තිබූ උකුණන් හා ලේඩි ඇහිදීමේ ක්‍රියා පිළිවෙලට සමාන එකක් විය. මේ ක්‍රියා පිළිවෙලවල් දෙකම අද පරම්පරාවට ආගන්තුක ය. එහෙත් ඒ දෙකම බොහෝ වෙහෙස ගෙන දෙන ක්‍රියාවන් ය. ඇස් දිගින් දිගට අවධානය යොමු කරවන නිසා ම ඇස් රිදෙන වැඩ ය. ඊට අමතරව බෙල්ල ද උළුක් වෙන වැඩ ය. ගල් ඉවත් කිරීමට ඊට වඩා වැඩි කුසලතාවයක් අවශ්‍ය විය. අමතරව ඒ සඳහා විශේෂ මෙවලමක් ද අවශ්‍ය විය. ඒ මෙවලම හැඳින්වූයේ නෑඹිලිය යන නමිනි. සම්ප්‍රදායික කුස්සියක එය අතවශ්‍ය අංගයක් විය. ගල් ඉවත් කිරීමේ ක්‍රියාවලියට නමක් ද තිබුනේ ය. ඒ හාල් ගැරීම ය. ආච්චිට හාල් ගරනවා යැයි යන කීම පැමිණියේ ද ඒ ඇසුරිනි. මේ සියල්ල කීවේ එකල හාල් බත් කිරීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව කීමට ය.

ඒ සියල්ල එසේ තිබිය දී හාල් කිසි දිනෙක සන්නාම සහිත ව අද මෙන් වෙළඳ පොලට ගෙන ආ හැකි දෙයක් ලෙස කිසිවෙකුට වැටහුනේ නැත. එහෙත් හාල් වල තිබූ මේ අවලක්ෂණම සන්නාම සහිතව වෙළඳ පොලට හාල් ගෙන ඒමට අවශ්‍ය පදනම දැම්මේ ය.

අරලිය, නිපුන,, කපුවත්ත යන විවිධ සන්නාමයන්ගෙන් දැන් වෙළඳ පොලට හාල් ලැබෙන්නේ ය. ඒවායේ අප කලින් සඳහන් කළ කිසිදු අපද්‍රව්‍යයක් නැත. දැන් ඇස් රිදවගන්නේ නැතිව, බෙල්ල උළුක් කරගන්නේ නැතිව, හාල් ගරන්නේ නැතිව, කාලය වැය කරන්නේ නැතිව, කෙළින් ම බත් උයන්නට හැකි ය.

ඒ ගුණාත්මක භාවයට මිලක් ගෙවීමට මිනිසුන් කැමති ය. ඒ සඳහා නිශ්පාදකයන්ට එම ගුණාත්මක භාවය පවත්වා ගෙන යෑමට අමතර පරිශ්‍රමයක් දැරිය යුතු ව තිබෙන්නේ ය. ගල් වැලි ඉවත් කළ යුතුව තිබෙන්නේ ය. වී හා කළු ඇට වලින් තොරව ගුණාත්මක මට්ටමේ හාල් වෙළඳ පොළට නිකුත් කළ යුතු ව තිබෙන්නේ ය. ඒ සඳහා පැකට් කරන විට සහල් වල යම් ආර්ද්‍රතා මට්ටමමක් ද පවත්වා ගත යුතු ය. ඊට අමතරව ඒ තත්වයන්ගේ වෙනසක් නොවන බවට වග බලා ගත යුතු ව තිබෙන්නේ ය. ඒ සඳහා වරින් වර සාම්පල් පරීක්ෂා කිරීම ද කළ යුතු වන්නේ ය.  ඒ නිසා ම වැඩි මිලක් ගෙවීම ට මිනිසුන් කැමැත්තෙන් සිටිනවාට අමතර ව එසේ අය කිරීමට සාධාරණ හේතුවක් ද ඔවුන්ට නිර්මාණය වී තිබෙන්නේ ය.

මේ සන්නාම වල තිබෙන තවත් ලක්ෂණයක් නම් ඒවා අමාරුවෙන් ගොඩ නගා ගැනීමට සිදු වීම ය. ඒ සඳහා කාලයක් වැය වීම ය. ඒ සඳහා ප්‍රචාරණයක් ද අවශ්‍ය වීම ය.

ඒ සියල්ලෙන් පසු එළැඹෙන්නේ සන්නාමයේ අස්වැන්න නෙලා ගන්නා කාලය ය. ඒ ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වීම හරහා ය. ජනප්‍රිය සන්නාමයක් සහිත භාණ්ඩයක් ඇතැම් විට ඊට සමාන ගුණයෙන් යුත් භාණ්ඩයකට වඩා ඉහළ මිලකට විකිණෙන්නේ ය. ඒ විශ්වාසය නිසා ය.

විශ්වාසය නඩත්තු කළ යුතු දෙයකි. එය නඩත්තු නොකළොත් අතුරුදහන් විය හැකි ය. සිලෝන් ටී සන්නාමයක් වූ කාලයක් තිබුණේ ය. ඒ ලංකාවේ දේශගුණය හා ගුණාත්මක නිශ්පාදන ක්‍රියාවලිය නිසා උරුම කර ගත් නමකි.

අපේ ඇතැම් ව්‍යාපාරිකයන්ට රත්තරන් බිත්තර මදි වුනේ ය. රන් බිජූ දැමූ කිකිළිය උන් මරා ගෙන කෑවෝ ය. පිටරටින් ගෙනා කසල තේ සමග ලංකාවේ අනර්ඝ තේ කලවම් කර විකුණුනේ වැඩි ලාභය උදෙසා ය. අන්තිමේ දී සන්නාමයට කෙළ වුනේ ය.

සිලෝන් ටී වියැකී ගියේ ය. ඒත් ඩිල්මා සමාගම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය. දැන් ලොවේ එක් ජනප්‍රිය තේ සන්නාමයක් වන්නේ ඩිල්මා ය. ඩිල්මා සිලෝන් ටී ය. ඩිල්මා තේ විදේශ සුපිරි වෙළඳසල්වල රාක්ක පුරා විරාජමානව වැජඹෙන්නේ ය.

ඒ කතාවෙන් කියන්නේ සන්නාමයක් ගොඩ නැගීම අමාරු වුනාට එය බිම දැමීමට අවශ්‍ය වන්නේ පුංචි මග හැරීමක්, අතපසුවීමක් හෝ වැරැද්දක් පමණක් බව ය.

ලිට්රෝ ගෑස් සමාගමට එහි ආරම්භකයා වූ ෂෙල් ගෑස් සමාගමේ සන්නාමය ලැබුණේ නැත. එහෙත් ෂෙල් ගෑස් සමාගමේ බොහෝ දේ ඊට උරුම වී තිබුනේ ය. යටිතල පහසුකම් පමණක් නොව මනා ලෙස හැඩ ගැසුණු ක්‍රම පද්ධතීන් හා ක්‍රියාවලීන් ද ඒ උරුමයට අයත් ය. කරන්නට තිබුනේ ලිට්රෝ සන්නාමය ඒ මත ගොඩ නැගීම ය.

හදිසියේ සියල්ල වෙනස් විය. ඒ ලාභ ලැබීම උදෙසා ගෑස් සංයුතිය වෙනස් කිරීමට ගත් තීරණය හරහා ය. එයින් සන්නාමය පුපුරනු ඇතැයි ඔවුට හැඟුනේ නැත. ඒකාධිකාරයක් නිසා ම (ඇත්තේ එක් දුර්වල තරඟකරුවෙක් පමණක් නිසා ම) එවැන්නක් වුවමනා නැතැයි සිතුවා වන්නට පුළුවන. නැත්නම් නිසි පර්යේෂණයන් නොකර කිසිදා මේ නව ගෑස් සිලින්ඩර වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ නැත. මේ දෙගොල්ලන් එකතු වී කළ සෙල්ලමක් ද විය හැක්කේ ලිට්රෝ වලට අමතරව ලාෆ් ද පුපුරන බවට ආරංචි පල වන නිසා ය.

සති හයක් ඇතුළත පිපිරීම් අට සියයකට ආසන්න ගණනක් සිදු වූ පසු ද සමාගම කිසිවක් කළේ නැත. කළේ වගකීමෙන් නිදහස් කර ගැනීමේ ව්‍යායාමක නිරත වීම පමණ ය.

බහු ජාතික සමාගමක් නම් පළමුව ප්‍රමාණවත් පරීක්ෂණයන්ගෙන් තොරව මෙසේ නව ගෑස් සංයුතියක් හඳුන්වා දෙන්නේ නැත. කිසියම් අතපසු වීමකින් එවැන්නක් වූවා නම් ඔවුන් පළමු ප්‍රවෘත්තිය පල වූ විට ම මේ සිලින්ඩර වහාම වෙළඳ පොලෙන් ඉවත් කර ගන්නවා ඇත. ඒ ඔවුන් අපේ අයට වඩා යහපත් නිසා හෝ මානව හිතවාදී නිසා නොවේ. ලංකාවේ නැතත් ඒ සන්නාමයන් ජාත්‍යන්තර ඒවා නිසා ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද සන්නාමය රැක ගැනීමට ඔවුන්ට සිදු ව තිබීම ය.

සන්නාමයක් විකිණිය හැකි ය. අලෙවිකිරීමේ දෙපාර්තමේන්තුවේ ජෑම් හා කෝඩියල් වර්ග එක් කලෙක මිනිසුන් අතර ජනප්‍රිය විය. ඒ MD යන නාමයෙනි. එම ව්‍යාපාරය මිල දී ගත් ව්‍යාපාරිකයා ඒ සන්නාමය තබා ගත්තේ ය. ඒ සඳහා ද ඇතැම් විට අමතර මිලක් ගෙවන්නට ඇත.

අරලිය සහල් ව්‍යාපාරිකයාට ඒ ව්‍යාපාරය එපා වූ දවසක් ව්‍යාපාරයේ යටිතල පහසුකම් වන ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රසූත්‍ර වාහන පමණක් නොව අරලිය යන සන්නාමය ද විකිණිය හැකි ය. ඇතැම් විට යටිතල පහසුකම් එක් අයෙකුට ද සන්නාමය තවත් අයෙකුට ද විකිණිය හැකි ය.

ඇතැම් ජාත්‍යන්තර සන්නාමයන්ට කොතරම් වටිනාකමක් ඇද්දැයි කිව හොත් ලංකාවෙන් භාගයක් ම මිල දී ගැනීමට ඔවුන්ට පුළුවන් වනු ඇත. ගෑස් සමාගම් විසින් පුපුරුවා හැරියේ ගෑස් පමණක් නොවේ. ඒ සමග ඔවුන්ගේ සන්නාමයන් ද පිපිරුවේ ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *