මහ බැංකු අධිපති කබ්රාල්ගේ ඩොලර් බිලියන තුනේ සංචිත ඉලක්කයට තීරණාත්මක දින තුන එළඹෙයි !

මෙම දෙසැම්බර් 31 දා වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් ඉක්මවා යන තත්ත්වයට පත් කරන බවට සපථ කොට ඇති ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ සඳහා ඇති ඉදිරි දින තුනේ දී සිය ඉලක්කය සපුරා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ඒ සඳහා ණය ලබා ගැනීමට මහ බැංකුවේ නියෝජිතයින් විවිධ රටවල සංචාරය කරමින් උත්සහ දැරුව ද එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත. ඩොලර් බිලියන 1.5 ක් පසුගිය සතියේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ද පසුව එය මේ සතියේ ලැබෙනු ඇතැයි දැනගන්නට ලැබිණ. එම මුදල ලැබෙන තැන ප්‍රකාශ කළ නොහැකි නමුත් 31 දිනට පෙර මුදල් ලැබෙන බව කබ්රාල් මහතා සහතික කොට ප්‍රකාශ කළේ ය.

එමෙන් ම දෙසැම්බර 31 දාට ඩොලර් බිලියන තුනේ සංචිත ඉලක්කය සපුරා ගැනීම සඳහා විදේශ විනිමය නිකුත් නොකිරීමට මහ බැංකුව ක්‍රියා කිරීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 ක් පමණ වරායේ සිර වී ඇත. කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිගයක් ද පවතියි.

කෙසේ  වෙතත්, මෙම 31 දාට ඩොලර් බිලියන තුනක සංචිත ඉලක්කය සම්පුර්ණ කර රටේ මුල්‍ය තත්ත්වය ශක්තිමත් බව ජනවාරි 3 දා රැස්වන කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම මහ බැංකු අධිපතිවරයාගේ ඉලක්කය වී ඇති බව විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *