ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දු- ලංකා ගිවිසුමට ලබන මස අත්සන් තැබෙයි – ද හින්දු පුවත්පත වාර්තා කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා වන ඉන්දු – ලංකා ගිවිසුමට මසක් තුළ අත්සන් තබන බව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත.

එම පුවත්පත වාර්තා කොට ඇත්තේ ගිවිසුම පිලිබඳ සාකච්ඡා කොට එය සකසා අවසන් බවත්, ඉදිරි මාසයක කාලය තුළ එයට අත්සන් තබන ශ්‍රී ලංකාවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද හින්දු පුවත්පතට ඉරිදා පැවසු බවයි.

මෙම ගනුදෙනුව පිළිබඳව දෙරට අතර සාකච්ඡා මාස 16 ක් තිස්සේ පැවති බවත්, එහි ප්‍රතිඵල ලෙස දෙරටටම වාසි දායක ලෙස තෙල් ටැංකි සංවර්ධනය සඳහා ගිවිසුම් ගතවන බවත් උදය ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ.

ද හින්දු පුවත්පතට මීරා ශ්‍රී නිවාසන් මාධ්‍ය වෙදිනිය සපයා ඇති වාර්තාවෙන් කියන්නේ මෙය වසර 35 කට පෙර ඇති කරගත් ඉන්දු ලංකා ගිවිසුමේ ක්‍රියාත්මක නොකර තිබු එකඟතාවක් අවසානයේ ක්‍රියාවට නැගීමක් බවයි.

ශ්‍රී ලංකාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ඉන්දියාවේ කළ සංචාරයේ දී ද මෙම කරුණට ප්‍රමුඛතාව හිමි වූ බව ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් ය.

මෙම තෙල් ටැංකි පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ‘චීන වරායේ’ බව ද එම වාර්තාවේ සඳහන් ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *