පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී ; නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්

 

ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත .

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් යැවීය .

ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමමෙන්  පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත ය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ගාමිණි  සෙනරත් මහතා අග්‍රාමාත්‍ය  ලේකම් ධුරයට පත්වීමට පෙර ,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය .

දෙපාර්තමේන්තු ගණනාවක ප්‍රධානියා වශයෙන්  කටයුතු කර ඇති ඔහු  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකි. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .
පරපරිපාලන සේවය කීර්තිමත් නිලධාරියකු වන අනුර දිසානායක  මහතා මහවැලි, වාරිමාර්ග, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර හොබවා ඇත.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .

අජන්ත කුමාර අගලකඩ

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *