අද කොවිඩ් මරණ 13 ක් , නව ආසාදිතයින් 398 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13 ක් වන අතර අද දිනය තුළ අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 398 කි.

අද වාර්තා වූ මරණ 13 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,884 ක් බවට පත්වෙයි.

මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 583,649 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *