බැසිල්ට ප්‍රකෝටි ගණන් දුන් සියලු දෙනා මියගිහින් !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට විශාල ධනයක් හිමිකර ගැනීමට හැකි වූ ආකාරය පිළිබඳව FCID ය හා ජනාධිපති කොමිසම මගින් කෙරෙන පරීක්ෂණ වලදී තමන්ට ප්‍රකෝටි ගණනින් පරිත්‍යාග ලබාදුන් ධනපතියන් ගැන විස්තර බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරවු කොට ඇති අතර ඒ සියලු දෙනාම පාහේ මේ වනවිට ජීවතුන් අතර නැති බව දැනගන්නට ඇත . ඇතැම් ධනපතියන් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් ලබාදී ටික දිනකින් මියගොස් ඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි .

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට අයත් දේපල වෙනත් අයට දන් දී ඇති බව ද හෙළිදරවු වෙයි . ඒ මහතාට අයිති ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති මහා මන්දිරයක අයිතිය පවරා  ඇත්තේ එහි ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල කිරිබත්ගොඩ පදිංචි මුදිත ජයකොඩි නම් මහතෙකුටය . ඒ මහතා කට උත්තෙරයක් දෙමින් මේ බව තහවුරු කොට ඇති බව ද කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *