විරෝධතා හමුවේ වෛද්‍ය නිලධාරීහු පසුබසිති

රෝගීන් බරපතළ ලෙස අපහසුතාවයට පත් කරමින් දින හතරක් තිස්සේ  ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හරින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනය කළේ ය.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ක්‍රියාත්මක කළ මෙම වැඩ වර්ජනයට සහය නොදුන් වෛද්‍යවරු විශාල පිරිසක් රෝගීන්ට සේවා සැපයීමට ඉදිරිපත්ව සිටි අතර එම වෛද්‍යවරුන්ට වෛද්‍ය සංගමයේ නිලධාරීන් තර්ජන කළ අවස්ථා ද වාර්තා වී ය.

විශේෂඥ වෛද්‍ය සංගමය වර්ජනයට විරුද්ධ වූ අතර එම විරෝධය පළ කොට නිවේදනයක් ද නිකුත් කළේ ය.

අපහසුතාවයට පත් රෝගීන්ගේ ද දැඩි විරෝධයක් වෛද්‍ය සංගමයට එල්ල වී තිබිණි.

වර්ජනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සෞඛ්‍ය අමාත්යංශය නොපිළිගත් අතර එල්ල වූ විරෝධය හමුවේ වැඩ වර්ජනය අතහැර දැමීමට වෛද්‍ය සංගමය අද තීරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *