ගෑස් නෑ ; භූමිතෙල් නෑ ; දර නැහැ ; ලිප් නැහැ – නත්තලට , අවුරුද්දට “ගිනි ගානට බඩු ගෙන අමුවට කමු” !

නත්තල් සහ නව වසර උදාවෙමින් තිබිය දී ,වෙළෙඳ පොළේ ගෑස්, භූමිතෙල්, පමණක් නොව දර පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින පවා පාරිභෝගිකයෝ කියති.

ගෑස් වෙළෙඳුන් කියන්නේ ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානවලින් තම දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට ද ඉදිරිපත් නොවී මගහරින බවයි.

භූමිතෙල් ලබාගැනීම සඳහා බොහෝ තැන්වල දිගු පෝලිම් පැවති අතර මේ වනවිට පෝලිම්වල සිට හෝ භූමිතෙල් ලබාගත නොහැකි වී තිබේ.

එමෙන් ම වෙළෙඳපොළේ තිබු විදුලි උඳුන් සහ භූමිතෙල් උඳුන් පමණක් නොව මැටි උඳුන් (ලිප්) පවා විකිණී අවසන් බව වාර්තා වෙයි.

නාගරික ජනයාට දර මිටියක් ලබාගැනීම පවා දුෂ්කර වී තිබේ.

කෙසේ වෙතත්, රජය කියන්නේ ගෑස් , භූමිතෙල් ඇතුළු සියලු ප්‍රශ්න මේ වනවිට විසඳා ඇති බවයි.

මේ අතර බේකරි හිමියන්ගේ සංගමය කියන්නේ ගෑස් ප්‍රශ්නය නිසා දිවයින පුරා බේකරි 12,000 ක් පමණ වැඩ නවතා ඇති බවයි.

එමෙන් ම එළවළු , කුකුළු මස්, බිත්තර, මාළු ආදී සියලු භාණ්ඩ මිල ද අහස උසට ගොස් ඇති බව පාරිභෝගිකයෝ කියති.

ඔවුන් කියන්නේ මෙවර තමන්ට සිදුව තිබෙන්නේ ගිනි ගානට බඩු මිල දී ගෙන අමුවෙන් කන්නට බවයි. ඔවුන් කියන්නේ බඩු ගිනි ගණන් නිසා තම්බන්නට, උයන්නට අවශ්‍ය නැතැයි ආණ්ඩුව සිතනවා විය හැකි බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *