උද්ධමනය සියයට 11ත් ඉක්මවයි


මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ බවත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය  සියයට 8.3 ක්ව පැවතුණු බවත් මහ බැංකුව කියයි.

නොවැම්බර් මස සියයට 11.1 ක් වූ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යෑමක් බවත් ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම මෙම තත්වයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.

යොහාන් භාසුර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *