පෙට්රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහා ම වැඩි කරනු – මහ බැංකු අධිපති මුදල් ඇමතිට කියයි

පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වැඩි කර ඉන්ධන මිල කඩිනමින් ඉහළ දමන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇතැයි මුදල් ඇමැතිවරයා වෙත යවන ලද ලිපියේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ඉන්ධනවල වැඩි කල යුතු මිල ගණන් ද මහ බැංකු අධිපතිවරයා දැනුම් දී තිබේ

ඒ අනුව පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වැඩි කර යුතු බව මහ බැංකු අධිපතිවරයා මුදල් ඇමතිවරයාට දැනුම් දී ඇත.

ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතුකිරීම සඳහා මෙලෙස මිල ගණන් වැඩි කළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

මහ බැංකු අධිපතිගේ නියෝග මත මුදල් ඇමතිවරයා ක්‍රියා කරන ආකාරය තවමත් පැහැදිලි නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *