|

මහ බැංකුවේ තර්ජන ගර්ජන මැද විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් එවීම අඩකින් අඩුවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය සඳහා කෘතීම අඩු මිලක් නියම කොට තබාගෙන විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ මුදල් එම අඩු මිලට මාරු කළ යුතු බවට තර්ජන ගර්ජන කරමින් සිටිය දී විදේශගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම අඩකින් අඩු කොට ඇති බව අලුත් ම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.

විදේශ ශ්‍රමිකයින් එවන මුදල මෙම වසර පුරා ම දිගින් දිගට අඩු වී ඇති අතර නොවැම්බර් මස වනවිට එම අඩු වීම පසුගිය නොවැම්බරයට සාපේක්ෂව සියයට 55 ක් ඉක්මවා ගොස් තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ.

මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමකි.

එමෙන් ම මෙරටට මාසිකව ලැබෙන මුදල ඩොලර් මිලියන 350 කින් පමණ අඩුවීමක් ද මෙමගින් පෙන්නුම් කරයි.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 ක් පමණ මුදාගත නොහැකිව වරායේ සිර වී ඇත්තේ ඒ සඳහා ඩොලර් මිලියන 200 ක් නිදහස් කිරීමට මහ බැංකුවට නොහැකි වී ඇති නිසා ය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *