අයි එම් එෆ් ගියොත් අස්වෙනවා කියා මා කීවේ බැසිල් ඇමතිතුමා කලින් ම දුන් සහතිකය නිසා යි – ඇමති වාසුදේව නානායක්කාර

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව තමා ප්‍රකාශ කළේ අයි එම එෆ් නොයන බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කල් තබා ම ලබාදුන් සහතිකය මත බව ඇමති වාසුදේව නානායක්කාර මහතා කියයි.

තමන් කිසිසේත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑමට සුදානම් නැති බවත්, මේ අවස්ථාවේ එසේ ගියහොත් විනාශයක් බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව වාසුදේව ඇමතිවරයා කියයි.

ඇමතිවරයා කියන්නේ අයි එම එෆ් ගියොත් ආණ්ඩුවෙන් අයින්වෙනවා කියා තමන් කීවේ බැසිල් ඇමතිවරයාගේ වචනය ගැන විශ්වාසය තබා බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ අදහස් පළ කළේ ය.

මේ මොහොතේ බැසිල් ඇමතිවරයා විදේශ ගත වී සිටීම ගැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා කීවේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පවුල සිටින්නේ ඇමෙරිකාවේ නිසා ඔවුන් බලන්නට ඇමතිවරයා යා යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *