කාටවත් අනවශ්‍ය දෙයක් කරන්න ගොස් තමා අමාරුවේ වැටුණු බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද කියයි

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ වැඩේට රජයේ කිසිවෙකු උනන්දු නොවූ බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය හෝ පරිසර අමාත්‍යංශය ඒ ගැන කිසිදු උනන්දුවක් නොදැක් වූ බවත්, ජනාධිපති කාර්ය සාධක බලකාය ද කිසිවක් නොකළ බවත්, කවුරුව්වත් උනන්දු නොවූ වැඩකට කර ගසා තමා අමාරුවේ වැටුණු බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

පොහොර පිලිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නයට රජය වග කිව යුතු බව ද ඒ මහතා කියයි.

මෙම මහ කන්නය සඳහා රසායනික පොහොර ලබා දීමේ කිසිදු හැකියාවක් දැන් නැති බවත්, පොහොර ගෙන්වීමට මාස එක හමාරක් දෙකක් ගතවන බවත් කී ඒ මහතා රසායනික පොහොර දිය හැක්කේ ඊළඟ යල කන්නයට බව ද පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *