කොවිඩ් අද සවස වාර්තා : මරණ 14 යි , නව ආසාදිතයින් 508 යි

රජය අද දවස තුළ තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,734 ක් බවට පත්වෙයි.

අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ලෙස අද සවස් වන විට වාර්තා කළ සංඛ්‍යාව 508 කි

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 578,947 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සාමාන්‍යයෙන් දිනයේ වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව රාත්‍රිය  වන විට යාවත්කාලීන කරන නමුත් අද මේ දක්වා එම වාර්තා ලැබී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *