ඉන්දියාවෙන් ණය දෙන්නත් අයි එම් එෆ් යා යුතු බවට කොන්දේසියක් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන දෙකකට ආසන්න ණය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසි අතර විදේශ විනිමය අර්බුදය දිගු කාලීන ලෙස විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතුය යන්න ද වන බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.

තමන් ලබා දෙන ණය මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා පමණක් බව පෙන්වා දී ඇති ඉන්දියානු බලධාරීන් දිගු කාලෙඑඑන ලෙස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ද පෙන්වා දී ඇතැයි කියති.

මෙම ණය ලබා දෙන්නේ දෙපාර්ශවය එකඟ වන කොන්දේසි යම් කාල රාමුවක් තුළ ඉටු කිරීමේ ප්‍රගතිය මත බව ද ඉන්දියාව කියා තිබේ.

ඒ සඳහා සම්පුර්ණ පැකේජයක් ඉන්දියාව මේ වනවිට සකස් කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා නොගෙන ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් ණය ලබාගෙන මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගැලවීමේ ආණ්ඩුවේ උත්සාහයට තම සහය නොලැබෙන බව ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *