පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ නොවන බව කීවාට ආරක්ෂක ලේකම්ට ආණ්ඩුවෙන් ම දෝස්මුර !

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නොවන බවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගිය දා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ම පිරිස් ඒ මහතාට දොස් පවරා ඇති බව දැනගන්නට ඇත.

සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිතුමාට එල්ල කර තිබු චෝදනාවකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කීවේ එම චෝදනාවලට කිසිදු පදනමක් නැති බව සහ එම ප්‍රහාරය වන විට රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් වැදගත් චරිතයක් නොවූ බවයි. ගොටාභය රාජපක්ෂ මහතා තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළේ පාස්කු ප්‍රහාරයෙන් දින දෙකකට පසුව බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබිණි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කළ මෙම ප්‍රකාශය විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ උදවිය ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රකාශයෙන් සිදුවුයේ ජානාධිපතිතුමාට එල්ල වී තිබුණු චෝදනාවලට තවත් ප්‍රචාරයක් ලැබීම පමණක් බවයි.

කෙසේ වෙතත්, මාධ්‍ය කැඳවා මෙම ප්‍රකාශය කිරීමට පෙළඹවීම කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් බව ද වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *