සියලු චෝදනා බොරු වුණත් වෛද්‍ය සාෆිට දඬුවම් දෙන්න හදයි

සිංහල මව්වරුන් 4000 කට වඳ සැත්කම් කළ බවට බොරු චෝදනා නගා වැඩ තහනමට ලක් කර සිටි කුරුනෑගල රෝහලේ නාරි රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සහබ්දීන් සාෆි මහතාට එල්ල කළ චෝදනා බොරු බව ඔප්පු වී ඔහු නිදොස් වී තිබුන ද ඔහුට දඬුවම් කිරීමේ උත්සාහය දිගට ම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

මෙම උත්සාහය ක්‍රියාත්මක වන්නේ විවිධ ලිපි හුවමාරු මගින් ව්‍යකුලතාවක් ඇති කරමින් වෛද්‍ය සාෆි මහතාට හිමි හිග වැටුප් නොගෙවා සිටීම මගිනි.

කිසියම් චෝදනාවක් යටතේ වැඩ තහනම් කළ නිලධාරියකු එම චෝදනාවලින් නිදහස් වුවහොත් හිග වැටුප් සමග සේවයේ පිහිටවිය යුතු බව ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති නීතිමය තත්ත්වය යි.

මෙහි දී එම නීතිය අභිබවා යමින් වෛද්‍ය වරයාට හිග වැටුප් නොගෙවීමට කිසියම් පිරිසක් සාමුහික උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *