විමල්ගේ, වාසුගේ, ගම්මන්පිලගේ දිව්රුම් පෙත්සම් නීති විරෝධියි – නීතිපති අධිකරණයට කියයි

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන දිව්රුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී  බව නීතිපතිවරයා අද (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ගිවිසුමට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවැනි දිනට සලකා බැලු අවස්ථාවේදිය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද දෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණි.

අද දිනයේ දෙපාර්ශවයේ කරුණු දක්වීන්වලින් අනතුරුව වැඩිදුර විභාගය ජනවාරි 10 දා දක්වා කල් තබනු ලැබී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *