උගන්ඩා ටිකට් එක ගෙන මහින්ද එජාපයේ ලනුවක් කෑ බව ඇමති ඩිලාන් කියයි

මහින්ද රාජපක්ෂ මහතා රජයේ නියෝජිතයා ලෙස උගන්ඩා ජනාධිපතිවරයාගේ නව දිව්රුම්දීමේ උත්සවයට සහභාගී කරවිම්ත් එම සංචාරය සඳහා රජයෙන් මුදල් ඉල්ලා සිටීමත් එක්සත් ජාතික පක්ෂයේ ලනුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් මෙන් නිතරම මහින්ද රාජපක්ෂ වටා සිටින මහා දේශප්‍රේමීන් යැයි ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන, උදය ලම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අයට තමන්ගේ මහා වීරයාව උගන්ඩාවට නොයවා ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබූ නමුත් එය සිදු නොවුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

කුමන සිදුවීමකදී වුවද කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වන එම පිරිස උගන්ඩා සංචාරයේදී සිදු වූ සැබෑ කුමන්ත්‍රණය නොදුටුවේදැයි ප්‍රශන් කළ අතර මහින්ද රාජපක්ෂ පිලේ මෙහෙයුම්ක රුවා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂද මෙම කුමන්ත්‍රණයේ හවුල් කරුවෙකු බවත් ඇමතිවරයා පවසා සිටියේය.

මේ අවස්ථාවේදී තම සහෝදරයාට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටින්නට බැසිල් රාජපක්ෂ මහතාට හැකියාව තිබුණද එසේ හෝ සිදුනොවුණු බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතාට ටිකට් එක සමගින් මේ අය ලබාදී ඇත්තේ ලණුවක් බවත් ටිකට් එක ගෙන ඔහු ලණුව කෑ බවත් පෙරේරා මහතා සිහිපත් කළේය.

 

(LankaTruth වාර්තාවකි)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *