ඩොලර් නැති බව තීරණය කර ඇමති මණ්ඩල රැස්වීම අවසන් !

භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නැති බව තීරණය කිරීම හැර ඒ පිළිබඳව ගන්නා නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගැන කිසිදු තීරණයක් නොගෙන ඊයේ පවතී ඇමති මණ්ඩල රැස්වීම අවසන් වූ බව වාර්තා වෙයි.

ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට මිත්‍ර රටවල් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇතත්, එම සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගත හැකි බවක් ප්‍රකාශ කොට නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලීම ගැන ද තීරණයක් ගෙන නැත.

ආනයන තවත් සීමා කිරීම හැර වෙනත් කිසිදු සාර්ථක විසඳුමක් ගැන ඇමති මණ්ඩලයට කිසිදු අදහසක් ඉදිරිපත් වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *