ජනාධිපති අසනීපෙන් ; පරීක්ෂාවක් සඳහා හදිසියේ සිංගප්පුරුවට ; අද කැබිනට් රැස්වීමටත් නැහැ !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා හදිසියේ ම සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. අද උදේ ඒ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත්තේ පාර්ලිමේන්තු සභා වාරය කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ය.

ශ්‍රී ලංකාවට ආධාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නේද යන්න සාකච්ඡා කිරීමට අද සවස කැඳවා තිබු විශේෂ කැබිනට් රැස්වීමට ද සහභාගී නොවී ජනාධිපතිතුමා වීදේශ ගත වී තිබේ. එබැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන අද තීරණයක් ගැනීම ද සිදු නොවනු ඇතැයි කියති.

රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් සමග ඊයේ සවස පැවති හමුවකට ද ජනාධිපතිතුමා සහභාගී නොවූ බවත්, ජනාධිපතිතුමා අසනීපයෙන් බව ඔවුන්ට දැනුම් දුන් බවත්, එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

72 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිතුමා හදවත් සැත්කමකට මුහුණ දී සිටින බවත්, වරින් වර සෞඛ්‍ය පරීක්ෂණ කිරීම අවශ්‍ය බවත්, නිල ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිතුමාගේ හදවත් සැත්කම 2019 මැයි මාසයේ සිදුකොට ඇත්තේ සිංගප්පුරුවේ මවුන්ට එලිසබෙත් රෝහලේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *