දෙමළ මුස්ලිම් පක්ෂ එක පෙරමුණකට

මෙරට ප්‍රධාන දෙමළ සහ මුස්ලිම් පක්ෂ සියල්ලම පාහේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතාගේ නිවසේ දී අද දහවල් රැස් වී පවතින දේශපාලන තත්ත්වය තුළ එක පෙරමුණක් ලෙස කටයුතු කිරීම සඳහා තීරණ රැසක් ගත් බව වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවන්ට නීත්‍යනුකුලව පවරා ඇති බලතල ලබාදීම, පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් රජයට ඉදිරිපත් කිරීමට එහි දී තීරණය කොට ඇත.

එම තීරණ ප්‍රකාශයට පත්කිරීම ලබන 21 දා සිදුකරන බව එම පක්ෂ ප්‍රකාශ කරයි.

රැස්වීම අවසානයේ මාධ්‍යයට ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ 13 වැනි සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමක් වෙනුවෙන් තම සංවිධාන දිගට ම පෙනී සිටින නමුත්, දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් 13 වැනි සංශෝධනයේ බලතල ලබා ගැනීමට පළමුවෙන් ක්‍රියා කරන බවයි.

ආණ්ඩුවට සම්බන්ධ ඊ පී ඩී පී පක්ෂය හැර සියලු ප්‍රධාන දෙමළ, මුස්ලිම් පක්ෂ මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *