ඩොලර් මිලියන 200 ක් නැතිව ආහාර කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා

ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 200 ක පමණ විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුවෙන් නිදහස් නොකිරීම නිසා ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1500 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වරායේ සිර වී ඇති බව වාර්තා වෙයි.

ආහාර අඩංගු ඇතැම් කන්ටේනර් සති කිහිපයක් තිස්සේ වරායේ සිර වී තිබීම නිසා ඒවායේ තිබු ඇතැම් ආහාරවල කල් ඉකුත්වෙමින් පවතින බව ද කියති.

පරිප්පු, හාල් මැස්සන්, සීනි, වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ඇතැම් ඖෂධ වර්ග ද මෙලෙස වරායේ සිර වී තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමට මුදල් නිකුත් කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව දුන් පොරොන්දු මත මෙම භාණ්ඩ ආනයනය කළ ද මෙම භාණ්ඩ නිකුත් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 200 ක පමණ මුදල මෙතෙක් නිකුත් නොකිරීම නිසා තමන් අපහසුතාවයට පත්ව ඇති බව ආනයන කරුවෝ කියති.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතවල ඇති වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මේ වනවිට ඩොලර් මිලියන 1,100 දක්වා අඩු වී ඇති අතර මෙම ආහාර සඳහා ගෙවීම් කිරීමට මුදල් නිකුත් කළ හොත් සංචිත ප්‍රමාණය මිලියන 900 දක්වා අඩුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *