කිරිපිටි ආනයනයට ඩොලර් නොදෙන බව වෙළෙඳ ඇමති බන්දුල පිළිගනියි

කිරිපිටි ආනයනය සඳහා විදේශ විනිමය නිකුත් නොකිරීමට රජය තීරණය කොට ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පිළිගත්තේය.

වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා කීවේ වෙනත් භාණ්ඩ ගෙන්වීමට මුදල් යෙදවීම නිසා කිරිපිටි ආනයනයට මුදල් නිකුත් නොකරන බවයි.

රටේ පවතින කිරිපිටි හිගය ගැන රජයට කිසිවක් කළ නොහැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

විදේශ විනිමය නිකුත් කිරීම සඳහා ප්‍රමුඛත ලැයිස්තුවක් මුදල් අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබ ඇති අතර එහි දී එයට කිරිපිටි ඇතුළත් කොට නැත. මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත්තේ කිරිපිටි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවයි.

කෙසේ වෙතත්, ඇපල් සහ මිදී මුදල් අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය ලැයිස්තුවට ඇතුළත්ව ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *