වසර හතරක ආණ්ඩුවේ සංවර්ධන උපායමාර්ගික සැලසුම ලබන මාසයේ එයි

ඉදිරි වසර හතරක කාලය සදහා 03_REVISED_RANIL_ST_175032fආණ්ඩුවේ සංවර්ධන උපයමර්ගික සැලසුම මේ වනවිට සකස්කර අවසන් බවත් එය ලබන මාසයේ ඉදිරිපත් කිරීමට හැකිවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය

ජාතික ආණ්ඩුවක් වශයෙන් සියලු පක්ෂ එකට එක් වි පිහිටුවනු ලබන තිරසාර සංවර්ධන යොජනාවලියක් මඟින් මෙරට සංවර්ධනය සිදු කිරීමේ මහඟු කාර්යය ඉ‍ටු කරන බවත් එහි  යන්ත්‍රණය වන තිරසාර සංවර්ධන කවුන්සිලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ලබන සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්  අග්‍රාමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසිය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල නොගන්වා 2030 දී අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දූරදර්ශිභාවය නොලැබෙන බවද අගමැති වික්‍රමසිංහ මහතා කිය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ තිරසාර මානව සංවර්ධනය සඳහා අනාගත දැක්ම හා නවෝත්පාදනය පිළිබඳ ප්‍රථම ශ්‍රි ලංකා ජාතික සමුළුවේ විශේෂ දේශනයක් පවත්මිනි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝට‍ලයේදි ඊයේ (24) පැවැත්වුණු මෙම සමුළුවට මැලේසියාව, ඩෙන්මාර්කය, ආර්මේනියාව සහ මෝල්ටාව යන රටවල නියෝජිතයෝ සහභාගි වුහ.

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කෙරෙන මෙම සමුළුවේදි ‘විකල්ප අනාගතයක්’ යන්න තේමා කරගත් සැසිය පැවැත්වුයේ අගමැති වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි දේශනයක් පවත්වමින් අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කිය.

රටක සංවර්ධන ක්‍රියාදාමයේදි දැක්ම ඉතා වැදගත් අංගයකි. එනිසා ඉතා වැදගත් ප්‍රශ්නයක් වන්නේ යම් රජයකට දැක්මක් තිබේද යන්නයි. එම දැක්මේ අරමුණු මොනවාද? මා සිතන විදියට ඉන් එකක් වනුයේ අපට ප්‍රයෝජනයට ගත නොහැකි අවස්ථා වලින් අප ප්‍රයෝජන ලබා ගත යුතු බවයි. 1947 දී අපි ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා පියවර ගනිද්දී ආසියාවේ අනික් රටවල් හා සැසඳීමේදි සිදු වුයේ කුමක්ද? අපට සිදු වුයේ පසුපසට වී සිටීමටයි. මෙම පරතරය අප ජයගන්නේ කෙසේද? ශ්‍රි ලංකාවේ ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කළ හැකි බව අප සහතික කරන්නේ කෙසේද? පළමුවෙන්ම එය අභියෝගාත්මක ක්‍රියාවලියක්. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලීන් තුළදී අභියෝග ජය ගැනීම ඉතා සුහද හැඟීමකින් කළ යුතුයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විරුද්ධවාදි අදහස් දැරූ පක්ෂ දෙකක් එක් කර ජාතික ආණ්ඩුවක් ගොඩ නැඟුවේ එහෙයිනි. මෙසේ කරන ලද්දේ තනි පක්ෂයකට රටක දැක්මක් නිර්මානය කළ නොහැකි නිසයි. ඒ සඳහා පළමුව රටේ ප්‍රතිසන්ධානය ඇති කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. ප්‍රතිසන්ධානය නොමැති නම් යුද්ධයෙන් පසු අප එක් ජාතියක් වන්නේ නැහැ. එලෙසින්ම ප්‍රජාතන්ත්‍රවාදය බල නොගන්වා 2030 දී අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දූරදර්ශිභාවය ලැබෙන්නේ නැත. දෙවැන්න තවත් වැදගත් කරුණක් වන ඉහළ ජීවන මට්ටමක් ජනතාවට ලබා ගැනීමයි. තුන්වැන්න මෙම ඉලක්ක ඉතා පුළුල් ක්ෂේත්‍රයක් වන තිරසාර සංවර්ධන ආකෘතීන් තුළ අප කඩිනමින් ලබා ගන්නේ කෙසේද යන්නයි. ? මෙසේ කිරීමට සිදු වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් තම පරිසර පද්ධතිය, වටිනාකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනයේ නාමයෙන් විනාශ කර ගත් හෙයිනි.

ඓතිහාසිකව ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව ඉතා ප්‍රබල නෞකා මාර්ගයක් මධ්‍යයේ පිහිටියේය. පෙර දවසේ සිටම ප්‍රබල ධනෝපායන මාර්ගයක් වු මෙය ආසියානු කලාපය ලෝකයේ ධනවත්ම කලාපය බවට පත්වන ඉදිරි දශක තුන හතර තුළදී අතිශය සමෘද්ධිමත් මධ්‍යස්ථානයක් වනු ඇත. ඒ සමගම ඉන්දියන් සාගර මායිමේ පිහිටි අග්නිදිග ආසියානු රටවල ජනගහනය බිලියන දෙකක් බවට පත් වෙද්දි දකුණු ආසියාවේ ජනගහනය බිලියන තුනක් බවට පත් වෙනු ඇත. මෙසේ වු විට සමස්ත ජනකාය මධ්‍යම පරිමාණ ආර්ථිකයකට හිමිකම් කියනු ඇත. මේනිසා ලෝකය අති සූක්ෂ්ම සහ ප්‍රබල සමුද්‍ර යාත්‍රා මෙම මාර්ගයේ ගමන් කරන හෙයින් සංවර්ධනය සඳහා අප කළ යුත්තේ අපේ ආර්ථික මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමයි.

ඒ සමගම නිදහස ලබා ගත වූ වසර හැට තුළදී අප ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක්ද‍ වෙයි. මෙම කාලය තුළදී මානව සංවර්ධනයේන් අපේ රට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගෙන ඇති නිසා අපගේ සංවර්ධන ක්‍රියාදාමයන් තව දුරටත් බල ගන්වනු පිණිස පුහුණු මානව සම්පත ආර්ථික මධ්‍යස්ථාන සහ මුසු කර ගත හැකි වෙයි. ඒ අනුව මානව සම්පත අපගේ මානව සංවර්ධන ප්‍රතිපත්ති සමඟ එකතු කර ආර්ථික ඉලක්ක ජය ගැනිමට හැකි වන නිසා එය අපේ අනාගත දැක්ම වනු ඇත.

අනෙක් කරුණ වන‍්නේ අ‍පගේ වෙළෙඳ කටයුතු අනාගතයේදි පවත්වා ගෙන යන්නේ කෙසේද යන්නය. මෙරට පෙර පැවති කාලයේ මෙන්ම වෙළඳාමේදි ඉතා උසස් භාණ්ඩ තරගකාරි මිලකට කඩිනමින් ලබා දිය හැකි‍වේ. රටවල් විශාල සංඛ්‍යාවකට අපගේ භාණ්ඩ බෙදා හැරීමේ කාර්යය සඳහා නිදහස් වෙළඳ ගිවිසුම් අති විශාල සංඛ්‍යාවක පිහිට ලබා ගැනිමට අපට සිදු වනු ඇත. දැනට යුරෝපීය සංගමයේ සිට ජපානය සහ කොරියාව දක්වා රටවල් අනුගමනය කරන මේ ප්‍රතිපත්තිය ඉදිරි කාලය තුළ ඉන්දියාව, චීනය,සිංගප්පුරුව, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය යන අග්නිදිග ආසියානු රටවල් මෙන්ම කොරියාව දක්වාද ව්‍යාප්ත කරනු ඇත. එහෙත් මෙම ක්‍රියාවලියෙන් අප සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නේ කෙසේද?ඒ සඳහා අපේ ආර්ථිකය ලෝක ආර්ථික රටාවට අනුරූපිව සකස් කර ගෙන අපේ තරගකාරිත්වය ප්‍රබල කර ගත යුතු වේ.

මෙම කාර්යය අප සිදු කරනු ලබන්නේ සැබවින්ම මෙරටේ ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කරනු සඳහාය. ඒ තුළින් සමාජ අසාධාරණය නිසා ඇති වන ජනප්‍රිය ජන්ද දායක රටාව නොතකා ජනතාවට පොදුවේ සේවය කිරීමට හැකි වනු ඇත . ඒ අතරම ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සාගරය මධ්‍යයේ බිහි කිරීමට අපේක්ෂා කරන මහ නගරය දකුණු ආසියාවේ බිහි වන විශාලතම ආර්ථික මධ්‍යස්ථානය වනු ඇත. අපගේ ආර්ථික ප්‍රයත්නයන්ගේ එක් ක්‍රියාවලියක් වන මෙමඟින් ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීමට මහත් අනුබලයක් ලැබෙනු ඇත.

ඉන්දියානු සාගරය මධ්‍යයේ මහ නගර පිහිටුවිම අප විසින් ආරම්භ කරන ලද නව සංකල්පයක් වේ. පරිසරය සුරකමින් අතීතයේදි ඉන්දියානු සාගරය මධ්‍යයේ ඉදිකරන ලද අනුරාධපුරය සහ පොලොන්නරු ඓතිහාසික නගර දෙස සිතා බලන්න. මෙම ප්‍රතිපත්තින්ම අනුගමනය කෙරෙන පරිසරය සුරකමින් හම්බන්තොට දිස්ත්‍රික්කය වටා මහ නගර පහසුකම් සහිත සංවර්ධන ක්‍රියාදාම ඉ‍ටු කිරිම අ‍පගේ දෙවැනි පියවරයි. ඉන් අනතුරුව අප‍ගේ කාර්යභාරය වන්නේ ආසියාවේ විශාලතම ස්වභාවික වරාය පිහිටා ඇති ත්‍රිකුණාමලය සංවර්ධන කිරීමයි. සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සලකන විට ඒවායින් ලබා ගත යුතු ඵල ලෙස පෙනි යන්නේ පරිසරය සුරක්ෂිත කර ගනිමින් මහා පරිමාණයේ ආර්ථික සංවර්ධනයන් අප අත්පත් කර ගන්නා අයුරුයි‍. මේ අනුව දකුණු ආසියාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේද අවශ්‍යතා සපිරිය හැකි උසස් මට්ටමේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හා වරායක් පිහිටුවිමටද අපට හැකි වනු ඇති අතර මෙමඟින් ගුවන් හා නාවික මාර්ග වලින් මගින් ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහනයේදිද පෙරමුණ ගැනීමට අපට හැකි වනු ඇත. මෙම ක්‍රියාවලියේදි අදාළ සියලු අංශ එකිනෙකට සම්බන්ධ කර ගැනිම අවශ්‍ය වන හෙයින් ඒ සඳහා ප්‍රබල සන්නිවේදන ජාලයකඅවශ්‍යතාවය පැන නැගි තිබේ. මෙහිදි ලෝකයේ දියුණුම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනිමට අප අදහස් කරමු.

එහෙයින් අපේ ආර්ථිකය අනාග‍තයේදි මෙම අංශවලට ගැලපෙන සේ හැඩ ගැස්විය යුතුයි. මෙය පැහැදිලි කර ගැනිමට සංචාරක ව්‍යාපාරය නිදසුන් කර ගනිමු. වර්තමාන සංචාරක ප්‍රතිපත්තිය අනුව වසරකදි සංචාරකයින් විසි දහසකින් ලබා ගන්නා ආදායම නව තරගකාරි උසස් මට්ටමේ සේවා මගින් පුද්ගලයින් පන්දහසකින් ලබා ගත හැකියි.

එලෙසින්ම නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයද අප වර්ධනය කර ගත යුතුයි. එයද උසස් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොමු කර ගත යුතු වේ. මෙයට මුලික හේතුව වන්නේ වැඩි වැටුප් හා වරප්‍රසාද පතා අපේ වෘත්තිකයින් විදේශ ගත විමයි. මෙම බුද්ධිමය ජන කණ්ඩායම මෙරටේ රඳවා ගැනිමට අවශ්‍ය ඉහළ වරප්‍රසාද ලබා ගැනිම සඳහා අදාළ ක්ෂේත්‍ර මඟින් ඉහළ ආදායමක් ඉපයිය යුතුයි.

මෙය එක් අංගයක් පමණක් දියුණු කර ගැනීමෙන් පමණක් ජය ගත හැකි ඉලක්කයක් නොවේ. ඒ සඳහා නව සොයා ගැනීම් හා උසස්ම තාක්ෂණයද එක් කර ගත යුතු අතර මානව සම්පතද නිසි පරිදි උපයෝගි කර ගත යුතුයි. නාගරික අංශය මෙලෙස උසස් මට්ටමින් දියුණු වෙද්දි මෙරටේ පෞද්ගලික අංශයටද තම ව්‍යාපාරික කටයුතු ප්‍රගුණ කර ගත හැකියි.

එහෙත් අප ග්‍රාමිය අංශය අමතක කළ යුතු නොවේ. අප පෝෂණය කළ යුතු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එම අංශයේ සිටිති. ඒ සඳහා දැනට යැපුම් මට්ටමේ ඇති කෘෂිකර්මය ඵලදායි නිෂ්පාදන මාර්ගයක් බවට පත් කර ගත යුතුයි. ඒ සඳහා වානිජ කෘෂිකාර්මික අංග එකතු කර අපගේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇත. කෙසේ වුවද මෙරට කෘෂිකාර්මික අංශයෙන් ස්වයංපෝෂිත කළ හැකි යැයි මට නොපෙනේ. එයට හේතුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය එබඳු අරමුණක් ඉ‍ටු කර ගැනිමට ප්‍රමාණවත් නොවිමයි.

මෙරටේ සංවර්ධනයන් සිදු වන බස්නාහිර පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ග්‍රාමිය ප්‍රදේශවලට වඩා නාගරික ස්වරූපයේ ප්‍රදේශවලින් සමන්විතයි. මේ ලක්ෂණය දිවයිනේ අනෙක් ප්‍රදේශවලටද අඩුවැඩි වශයෙන් සමාන විය හැකි වුවත් එයට වෙනස් වන වෙනත් ප්‍රදේශයක්ද ඇත. ඒ දිගු කාලින යුද්ධයකට මැදි වු අපගේ වැඩි අවධානයට ලක් නොවු දිවයිනේ උතුරු ප්‍රදේශයයි. යුද්ධයෙන් එම ප්‍රදේශයේ ආර්ථික රටාව පමණක් නොව සමාජ රටාවද විදහා දැක්වෙනවා. මේ ප්‍රදේශයේ සිටින ජනතාව විදේශයන්ට පවා විහිදි ගියත්, ඔවුන් ජිවත් වන නිවාස විවිධ ප්‍රදේශවල විහිදි ගියත්, එම ප්‍රදේශ සාමුහිකත්වය වර්ධනය වි තිබේ. මෙම සාමුහිකත්වය වර්ධනය කිරිම අපේ දැක්මයි. මෙම දැක්ම සාර්ථකභාවයට පත් කර ගැනිම සඳහා තවත් පියවරක් අප විසින් ගත යුතුයි. එය නම් තරගකාරිත්ව ගුණය ප්‍රවර්ධනය කර ගැනිමයි. මෙයට දශක ගණනකට පෙර ස්කැන්ඩිනේවියානු රටවල් ජය ගන්නා ලද මෙම අභියෝගය අප විසින්ද ජයග්‍රහණය කළ යුතුයි. මේ සම්මන්ත්‍රණය සංවිධානය කිරිම පිළිබඳ එක්සත් ජාති‍න්ගේ සංවර්ධන වැඩසටහනට මවිසින් ස්තුතිය පුද කළ යුත්තේ තව මාසයකින් පමණ අපගේ සිව් අවුරුදු සංවර්ධන උපායමාර්ග හෙළි දක්වන බැවින්. මෙම උපාය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වසරක පමණ කාලයක් ගත කළ අපට දැන් එය නිම කර ගැනිමට හැකි වි තිබෙනවා.

ලෝකය මුළුල්ලේම ආර්ථික අවපාතයක් පැවතියත් අපේ රටට ආර්ථික අර්බුදයක් ඇති නොවනු ඇත. අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග අපේ රජය විසින් ඇති කර ගත් ගිවිසුමක් අනුව ඩොලර් බිලියන 2.2 ක ඇපකරයක් නිසා යම් මුල්‍ය අර්බුදයක් ඇති වුවද අවශ්‍ය සහන අපට ලැබෙනු ඇත. මෙයට ඉන්දියාවෙන් ලැබෙන තවත් බිලියනයක් එකතු වු විට මුල්‍ය සංචිතය බිලියන තුන දක්වා ඉහළ නඟිනු ඇත. එයට අමතරව අන්තර්ජාතික රන් පවුම් බදුකර වෙළෙඳපොළෙන්ද ආධාර ලබා ගැනිමට අප අදහස් කරනවා. මෙයට අමතරව මෑතදී මවිසින් කරන ලද චීන සංචාරයේදි එකඟ වූ වෙනස් ආකාරයක වෙළෙඳ ගිවිසුම් ලැබෙන මූල්‍ය සංචිත වෙළෙඳපොළ වෙත යොමු කර එමඟින් ලැබෙන පොලියෙන් අපගේ ණය වාරික ගෙවිමට හැකි වනු ඇත. මෙම කටයුත්තේදි අප විසින් පළමුවෙන් අවධානය යොමු කරන්නේද චීන සමාගම් දෙසටය. මෙයට අමතරව ජී 7 කණ්ඩායමේ රැස්විම් වාරයට සහභාගි විම සඳහා ජනාධිපතිවරයා සහභාගී වන ජපන් සංචාරයේදි ද කෙරෙන සාකච්ජාවලින් අපට වාසිදායක ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එලැඹිමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මෙම නව සංවර්ධන ක්‍රියාවලිය මෙතෙක් ක්‍රියාත්මක කරන ලද සියලු කටයුතු වලට වඩා වෙනස් වන්නකි. මෙයට පෙර පැවති සම්ප්‍රදාය වුයේ එක් අංශයක් තවත් අංශයක් සමඟ පමණක් නොව එක් අමාත්‍යාංශයක් තවත් අමාත්‍යාංශයක් සමඟ තරග වැදිමයි. මෙම පිළිවෙත අතහැර ජාතික ආණ්ඩුවක් වශයෙන් සියලු පක්ෂ එකට එක් වි පිහිටුවන ලබන තිරසාර සංවර්ධන යොජනාවලියක් මගින් මෙරට සංවර්ධනය සිදු වනු ඇත. මෙම මහඟු කාර්යය ඉ‍ටු කරන යන්ත්‍රණය වන තිරසාර සංවර්ධන කවුන්සිලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ලබන සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *