තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ලෙස ජනාධිපති “පිස්සු පුසා” පත්කරයි

“පිස්සු පුසා” ලෙස අධිකරණ ක්ෂේත්‍රයේ හඳුන්වනු ලබන විවාදාත්මක චරිතයක් වන හිටපු මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබ ඇත.

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් අද මෙම පත්කිරීම සිදුකොට තිබේ.

තොරතුරු දැනගැනීමේ කොමිසමේ අනෙකුත් සාමාජිකයින් ලෙස ජගත් බණ්ඩාර ලියනආරච්චි, කිශාලි පින්ටෝ ජයවර්ධන, හිටපු විනිශ්චයකාර රෝහිණී වල්ගම ,ආචාර්ය අතුල කුමාර සමරකෝන් යන අය පත්කරනු ලැබ සිටිති.

මෙම ආණ්ඩුව බලයට පත් වී පත්කරනු ලැබූ දේශපාලන පලිගැනීම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කරමින් හිටපු මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කළ ආකාරය මෙන් ම එම කොමිසමේ වාර්තාවේ නිර්දේශ ද බරපතළ ලෙස විවේචනයට ලක් වූ අතර එම නිර්දේශවලට එරෙහිව පෙත්සම් කිහිපයක් ද අධිකරණයේ විභාග වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *