රසායනික පොහොර ගෙන්වන්න කොමිස් කුට්ටි හරස් වෙයි !

ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට රජය අවසර දුන්න ද , ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට නියම කොට තිබීමත්, බලපත්‍ර දීමට විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීම සහ අතයට ගනුදෙනු ඉල්ලීමත් නිසා කිසිදු ආනයන කරුවකු මහ කන්නය සඳහා පොහොර ගෙන්වීමට ඉදිරිපත්ව නැති බව වාර්තා වෙයි.

රසායනික පොහොර ගෙන්වීමට අවසර දෙන ගැසට් නිවේදනය රජය පසුගිය 30 වැනි දා නිකුත් කළේ එම තීරණය ගෙන සති දෙකක කාලයක් ඉක්ම ගිය පසුව ය. මහ කන්නය සඳහා පොහොර ඉක්මනින් ගෙන්විය යුතු වුව ද, එසේ ගෙන්වීමට නොහැකි වන සේ ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවට කොන්දේසි පනවා තිබේ. එලෙස බලපත්‍ර ලබා දීම සීමා කොට ඇති බවත්, බලපත්‍ර ලබා ගැනීමට විවිධ කොන්දේසි පැනවීමට අමතරව අත යට ගනුදෙනු ඉල්ලා සිටින බවත්, දැනගන්නට ඇත.

ඒ සියල්ල කොට පොහොර ගෙන්වන විට මහ කන්නයේ වගා කටයුතු අවසන්ව තිබිය හැකි බව කියන පොහොර ආනයන කරුවෝ එම පොහොර විකුණා ගැනීමේ ප්‍රශ්නයක් ද මතුවිය හැකි බව ද  කියති.

ලෝක වෙළෙඳපොළේ පොහොර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම ද පොහොර ගෙන්වීමේ ප්‍රශ්නයට තවත් හේතුවක් වී තිබේ.

මේ තත්ත්වය යටතේ රසායනික පොහොර ගෙන්වීම මහ කන්නයේ වී ගොවිතැන සඳහා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලය අද ප්‍රකාශ කළේ මහ කන්නය සඳහා පොහොර ගෙන්වීමට කිසිදු සමාගමක් මෙතෙක් ඉල්ලුම් කොට නැති බවයි.

කෙසේ වෙතත්, තේ වගාව සඳහා රසායනික පොහොර සුළු ප්‍රමාණයක් ගෙන්වා ඇති අතර ඒ සඳහා කලින් අවසර ලබාගෙන තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *