ආහාර ද්‍රව්‍ය මිල සියයට 44 කින් ඉහළ ගිහින්

මෙරට දේශීය වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් පසුගිය වසර දෙකක කාලය තුළ සියයට 44 කින් ඉහළ ගොස් ඇති බව අඩ්වෝකාටා සංවිධානය කියයි.

කොළඹ වෙළෙඳපොළ මිල ගණන් සැලකිල්ලට ගනිමින් අඩ්වෝකාටා සංවිධානය සකස් කරන ‘බත්කරි’ දර්ශකය මගින් මේ බව ගණන් බල ඇත.

ඒ අනුව 2019 නොවැම්බර් සිට මේ දක්වා කාලයේ දී ආහාර මිල ඉහළ යෑම සියයට 44කි.

පසුගිය වසරේ දී පමණක් මිල ඉහළ යෑම සියයට 35 ක් බව එම දර්ශකය පෙන්නුම් කරයි.

සතිපතා මිල ගණන් ලබා ගනිමින් සකස් කරන ‘බත්කරි’ දර්ශකය මාසිකව ප්‍රකාශයට පත්කරනු ලබයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය වැනි අනෙකුත් දර්ශක වලින් මෙය වෙනස් වන්නේ සාමාන්‍ය ජනයාට වැඩිම බලපෑමක් ඇති ආහාර ද්‍රව්‍ය මිල මෙහි දී විශේෂයෙන් අවධානයට ලක් කිරීම නිසාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *