අපරාධ කල නිලධාරීන් නොව ඒවා මෙහෙයවූ දේශපාලනඥයන් අල්ලා දඩුවම් කල යුතුයි – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

පසුගියදා අනපේක්‍ෂිත ආපදා තත්වයක් ඇතිවුණා. වර්ෂාව නිසා ගං වතුරෙන් සහ වැහි වතුරෙන් ප‍්‍රදේශ කිහිපයක් යටවුණා. ඒ මොහොතේ බොහෝ ස්වේච්ඡුා සංවිධාන සහ පුද්ගලයින් ස්වේච්ඡුාවෙන් සහන සේවා සඳහා මැදිහත් වුණා. ඒ වගේම නාවුක, ගුවන්, පාබල යන ති‍්‍රවිධ හමුදාත් රජයේ ආයතනවල නිලධාරීනුත් විශාල උත්සාහයක් දරා පීඩාවට පත්වූ ජනතාවට සහන සපයන්න මැදිහත් වුණා. ඒ අවස්ථාවේදී යුහුසුළුව කටයුතු කළ සියලූම දෙනාට ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම විදේශ රටවල සේවය කරන ශී‍්‍ර ලාංකිකයින් බොහෝ පිරිසක් තමන්ට හැකි පමණින් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න මැදිහත් වුණා. ඔවුන් කොහේ ජීවත් වුණත් මිනිස්සුන් ලෙස පීඩාවට පත් ජනතාවට උදව් උපකාර කරන්න මැදිහත් වීම විශේෂ දෙයක්.
අප රටක් විදියට මීට පෙරත් එනම් 2004 දෙසැම්බර් මාසයේදී සුනාමිය නිසා පීඩාවට පත්වුණා. ඒ වගේම මීරියබැද්ද නාය යාම ඇතුළු කිහිප අවස්ථාවකදී ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දී තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම පැවති ආණ්ඩුවත් සහ මේ අවස්ථාවේ පවතින ආණ්ඩුවත් ප‍්‍රකාශ කළා, නැවත මෙවැනි ස්වභාවික ව්‍යසනයක් සිදුවුවහොත් ඊට මුහුණ දෙන්න සූදානම් කියලා. නමුත් අපිට දකින්නට ලැබුණා, පහුගිය ආපදා තත්වය වෙලාවෙත් මේ ආණ්ඩුවේ කිසිම පූර්ව සූදානමක් තිබුණේ නැහැ කියලා. කාලගුණ වාර්තාව දැනගන්න තිබුණ විශේෂ යන්ත‍්‍රය පවා වසර 5ක් පුරාවට කි‍්‍රයාත්මක නැහැ කියලා වාර්තා වුණා. ඒකෙන්ම පැහැදිලි වෙනවා, ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් තිබුණේ නැහැ කියලා.
ස්වභාවික විපත් ඇතිවෙන්නේ ක්‍ෂණිකවයි. ඒ නිසාම මේ ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ආණ්ඩුව පූර්ව සූදානමක සිටිය යුතුයි. ආණ්ඩුව එවැනි සූදානමක නොසිටීම නිසා මෙම ව්‍යසනය වූ මුල් දිනවල ආණ්ඩුවට මැදිහත් වෙන්න බැරිවුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුවේදී අවධාරණය කරලා කිව්වා, ඇතිවී තිබෙන ව්‍යසනය ඉතාම විශාලයි. ඒ නිසා රට තුළ හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත්කරන්න කියලා. ඒ වෙලාවේ සභානායක ආණ්ඩුව වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා කියලා කිව්වට අද වෙන තෙක් හදිසි  තත්වයක් ප‍්‍රකාශයට පත්කළේ නැහැ. මුල් අවස්ථාවේ රජයේ නිලධාරීන්ට මැදිහත් වෙන්න බාධා ඇතිවුණා. චක‍්‍රලේඛයෙන් ප‍්‍රතිපාදන ලැබී තිබුණේ කඳවුරුවල ඉන්න ජනතාව වෙනුවෙන් ආහාර පාන ලබාදීම සඳහායි. වෙනත් ස්ථානවල සිරවී සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න නිලධාරීන්ට තීරණ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. විපතට පත් ජනතාව බේරා ගන්න බෝට්ටුවකින් යන්න රජයේ නිලධාරීන්ට ඉන්ධන වියදම් ලබාගන්න ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ. එම නිසා එම බාධාකාරී චක‍්‍රලේඛ නිසා මුල් අවස්ථාවේ රජයේ නිලධාරීන්ට තීරණ ගැනීමේ බලය තිබුණේ නැහැ. ඇතිවී තිබෙන තත්වය සරල නැහැ. එනිසා ක්‍ෂණික මෙහෙයුමක් අවශ්‍යයි. හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත්කළා නම් රජයේ නිලධාරීන්ට කි‍්‍රයාත්මක වීමට පහසුයි. නමුත් ආණ්ඩුව ප‍්‍රමාද වෙලා තමයි තීරණ ගත්තේ. දැන් විපතට පත් ප‍්‍රදේශ අධි ආරක්‍ෂක කලාප බවට පත්කරලා. ගොඩකිරීම් කරන්න දෙන්නේ නැහැ කියනවා. මේ අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් පිටුපස දේශපාලනය තිබෙනවා. ආණ්ඩුවත් පරිසරය ගැන හිතනවා නම් මෙවැනි අනවසර ගොඩකිරීම්වලට සහ ඉදිකිරීම්වලට අවසර නොදිය යුතුව තිබුණා. ප‍්‍රමාදවෙලා හරි ආණ්ඩුවට මොළේ පෑදුණු එක ගැන ප‍්‍රසාදයක් තිබෙනවා.
මේ ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා 2016 වර්ෂය වෙනුවෙන් වෙන්කළ මුදල පසුගිය වර්ෂයට වඩා අඩුයි. 2015 වර්ෂයේ ප‍්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 2522ක් වෙන්කර තිබුුණු අතර 2016ට වෙන්කර තිබෙන්නේ 2135යි. පුනරාවර්තන වියදම් සඳහා 2015ට රු. මිලියන 1543යි. 2016 සඳහා රු. මිලියන 799යි. මේ ආණ්ඩුවට ආපදා තත්වයකට මුහුණ දෙන්න සූදානමක් තිබිලා නැති බව මින් පැහැදිලි වෙනවා. සුනාමි තත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ප‍්‍රශ්න තවමත් විසඳිලා නැහැ. ඉඩම් අහිමි වූවන්ට ඉඩම් ලබාදුන්නත් ඔවුන්ට ඔප්පු ලබාදීලා නැහැ. ඒ නිසාම දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීමේදී පවා නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිකමින් ඔවුන් තවමත් පීඩා විඳිනවා. එවැනි තත්වයක් තිබියදී මේ ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා වෙන්කරන මුදල් කප්පාදු කර තිබෙනවා.
අනාගතයේදී මෙවැනි තත්වයක් ඇති නොවීමට ආණ්ඩුව වගබලා ගන්න  ඕනෑ. කැළණි ගඟ ඇතුුළුව සියලූම ගංගාවල ජල මට්ටම පාලනය කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට විකල්පයක් තිබිය යුතුයි. මේ වෙලාවේ ආණ්ඩුව කියනවා මෙගා පොලිස් ව්‍යාපෘතිය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා. නමුත් අප අවධාරණය කරන්නේ ආපදාවක් ඇතිවුණත් නැතත් සංවර්ධනයේදී පරිසර සාධකය ඉතාමත් වැදගත් කියලා.
මේ වනවිටත් පීඩාවට පත් වූ බොහෝ ජනතාව නිවෙස්වලින් ඉවත් වෙලා කඳවුරුවලට වෙලා ඉන්නවා. ඇතැම් පිිරිස් ඥාති ගෙවල්වල ඉන්න අතරේ තවත් බොහෝ පිරිසක් යන්න එන්න තැනක් නැතිව ඉන්නවා. අරණායක ප‍්‍රදේශය ගත්තොත් එම ප‍්‍රදේශවාසීන්ගේ නිවාස මුළුමනින්ම විනාශ වෙලා යන්න එන්න තැනක් නැතිව ඉන්නවා. කළුපහන ප‍්‍රදේශයේ ජනතාවගේ තත්වයත් ඒ වගේමයි. එම ප‍්‍රදේශවලට ලබාදෙන විසඳුම සම්බන්ධයෙන් ආණ්ඩුවට තවමත් අවසන් තීරණයක් නැහැ. ආණ්ඩුව එම ජනතාවට විකල්ප ස්ථාන ලබා දෙනවා නම් ඒ පිළිබඳව ස්ථිර තීරණයක් ලබාදිය යුතුයි. එම ජනතාව පැහැදිලි තීරණයක් බලාපොරොත්තුව ඉන්නවා. තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා.
මෙම ආපදාවෙන් ජීවිත, දේපළ හානි විශාල ප‍්‍රමාණයක් සිදුවුණා. ඒ සඳහා ආණ්ඩුව වන්දි ලබා දීමේදී අපක්‍ෂපාතීව තීරණ ගත යුතුයි. නීත්‍යානුකූලව පදිංචිය තහවුරු කරන අයට වන්දි ලබාදී අනවසර ඉදිකිරීම් කියා අනෙක් පිරිසට වන්දි ලබා නොදීමේ කි‍්‍රයාවලියක් අනුගමනය නොකළ යුතු බව අපි පැහැදිලිව කියා සිටිනවා. නීත්‍යානකූලව හෝ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පදිංචි වෙලා සිටි සියලූ දෙනාගේම දේපළ හානි වෙලා ඉවරයි. එම නිසා පීඩාවට පත් සියලූම ජනතාවට ආණ්ඩුව වන්දි ලබාදිය යුතුයි. ඒ වගේම නැවත පදිංචි කිරීම් සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම සඳහා ක්‍ෂණික ශ‍්‍රම මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ යුතුයි. පීඩාවට පත් ජනතාවගේ නිවස පිරිසිදු කර ගන්න, ළිඳ පිරිසිදු කර ගන්න, ඒ වගේම වෛද්‍ය සායන, කඩිනමින් ලබා දිය යුතුව තිබෙනවා. මේ සඳහා ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. පාසැල් යන දරුවන්ගේ පෙළපොත්, පාසැල් නිල ඇඳුම පිළිබඳව කඩිනම් සමීක්‍ෂණයක් කර ඒවා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කරන්නේනම් ස්වේච්ඡුා සංවිධාන, පුද්ගලයින් ඒ සඳහා උදව් කරන්න සූදානමින් ඉන්න බව අවිවාදිතයි.
ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයක් විදියට මේ ව්‍යසනයේදී ජනතාවට සහන සැලසීමට විශේෂ මැදිහත්වීමක් කළා. සුනාමිය වෙලාවේදීත් පක්‍ෂයට සම්බන්ධ ‘රතු තරුව’ සහන සේවා බලකාය ජීවිත බේරා ගන්න, පීඩාවට පත් ජනතාවට ආහාරපාන ලබාදෙන්න, වෛද්‍ය සායන පවත්වා ප‍්‍රතිකාර ලබා දෙන්න විශාල මැදිහත්වීමක් කළා. මේ විපතේදීත් රතු තරුව සහන සේවා බලකාය හැකි උපරිමයෙන් මැදිහත් වෙලා ජීවිත බේරා ගන්න, ආහාර පාන ලබාදෙන්න, වෛද්‍ය සායන පවත්වන්න මැදිහත් වුණා. ජවිපෙ සාමාජිකයින්ගේ නිවාස පවා ගං වතුරෙන් යටවී තිබියදී ඔවුන්ගේ ජීවිත හා දේපළ අවදානම පවා නොතකා සහන සේවා සඳහා මැදිහත් වුණා. ඒ වගේම ඒ මැදිහත්වීම අපි තවදුරටත් සිදුකරමින් ඉන්නවා. ලබන 26 සහ 27 දෙදින රතු තරුව සහන සේවා බලකාය විසින් ‘මනුෂ්‍යත්වයේ ශ‍්‍රම මෙහෙයුම’ නමින් විශේෂ ශ‍්‍රමදානයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එම දින දෙකේදී පෙ.ව. 9 වනවිට කඩුවෙල මං සන්ධියට සහ සියඹලාපේ මංසන්ධියට එකතු වී මෙම ශ‍්‍රම මෙහෙයුම කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එමගින් පීඩාවට පත් ජනතාවගේ නිවාස ශුද්ධ පවිත‍්‍ර කිරීම, ළිං පිරිසිදු කර දීම, මාර්ග පිළිසකර කරදීම ඇතුළු යටිතල පහසුකම් යථා තත්වයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වතුර මෝටර්, උදළු, සවල්, වීල් බැරැුක්ක ඇතුළු උපකරණ පිරිසිදු කිරීම් ද්‍රව්‍යද රැුගෙන පැමිණෙන ලෙස මහජනතාවට ආරාධනය කරනවා. දින දෙකක මෙහෙයුමෙන් යථා තත්වයට පත් කරගන්න බැරි ව්‍යසනයක් සිදුවී ඇති බව අපි පිළිගන්නවා. එනිසා අපි අනෙකුත් ස්වේච්ඡුා සංවිධානවලටත් ආරාධානා කරනවා අවශ්‍ය ක්‍ෂණික මැදිහත්වීම කර එම ජනතාවගේ ජන ජීවිතය ඉක්මණින්ම යථා තත්වයට පත්කර ගැනීමට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම රජයේ පාර්ශ්වයේ මැදිහත්වීමක් සිදුකර ආපදාව පිළිබඳව කඩිනම් ක්‍ෂණික සමීක්‍ෂණයක් සිදුකර එම ජනතාවට අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර දිය යුතුයි. ඒ වගේම සියලූම පුරවැසියන්ගෙන් ඉල්ලනවා තමන්ට හැකි පමණින් මේ සඳහා මැදිහත් වෙන්න කියලා.
මේ වනවිට ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ලැබෙන මුදල්, සම්පත්, නිවැරදිව බෙදී නොයාමේ තත්වයක් මතුවෙලා තිබෙනවා. ඇත්තටම විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ මුදල් ආධාර බෙදා හැරීමට දැනට තිබෙන යාන්ත‍්‍රණය ප‍්‍ර‍්‍රමාණවත් නැහැ. මිලියන 150ක් හෝ ඊට වැඩි මුදලක් විපතට පත්වූවන් වෙනුවෙන් වෙන්කළ පමණින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් හොඳ සම්බන්ධීකරණයක් ආණ්ඩුව විසින් සකස් කර විපතට පත්වූවන් සඳහා ආධාර, නිසිආකාරයෙන් ලබාදිය යුතුව තිබෙනවා.
අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් පිළිබඳව ආණ්ඩුව හොඳහැටි දන්නවා. පවතින, පැවැති ආණ්ඩු ඒ පිළිබඳව දැනගෙනම තමයි තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙම ගොඩකිරීම්වලට අවසර ලබාදෙන්නේ. එක්දාස් නවසිය අසූ ගණන්වල ලියකියවිලි පාව්ච්චි කරලා මෑතක් වනතුරු අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් සිදුකර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ආයතන මැදිහත් වෙලා මෙම ගොඩකිරීම් නවත්වන්න  ඕනෑ. මෙතෙක් කාලයක් රට පාලනය කළ පිරිස් ව්‍යසනයක් ආවාම කියනවා මේ හැම දේටම හේතුව අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් කියලා. ඒවා පවත්වාගෙන ගියේ මේ අයමයි. දේශපාලන හේතු මත තමන්ගේ හිතවතුන්ට ඒ සඳහා අවසර දීලා තිබෙනවා. මෙයින් වූයේ පරිසර හානිය වැඩිවන එක පමණයි.
ආපදා ඇති නොවීමට නම් ගංගා පිටාර ගැලීම පාලනය කළ යුතු වෙනවා. ඒ සඳහා ගංගා පද්ධතිය පිළිබඳව විද්‍යාත්මක පරීක්‍ෂණයක්  ඕනෑ. මේ සඳහා ආණ්ඩුවට දීර්ඝ කාලීන සැලැස්මක් අවශ්‍යයි. 1965 ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ 1970දී හයිඞ් පිටියේදී පළමු රැුලිය පැවැත්වුවා. ඒ වෙලාවේදී අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අවධාරණය කරලා කිව්වා ලංකාවේ නාය යෑම් වළක්වා ගන්න නම් කඳුකර පද්ධතිය ආරක්‍ෂා කරගත යුතුයි කියලා. තේ වගාව ඇතුළු කඳුකරයේ වගාවන් නිසා ඉදිරියේදී නායයෑම් තත්වයක් ඇතිවෙන්න පුළුවන් කියලා අනාවැකි පළකළේ අපේ පක්‍ෂයේ නායකයායි. සංවර්ධන කටයුතුවලදී වන ඝනත්වය ගංගා පද්ධතිය ගැන සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කළේ අපේ පක්‍ෂයයි. එනිසා කවුරු රට පාලනය කළත් දිගු කාලීන පරිසර සැලැස්මක් අවශ්‍යයි. මහවැලි, කැළණී, කළු ඇතුළු ගංගා පද්ධතියේ ජල ධාරිතාව අඩු කරන්න විකල්ප ක‍්‍රමවේදයක් සකස් කරන්න ආණ්ඩුව දිගුකාලීන සැලැස්මක් සකස්කර ගත යුතුයි.
අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් පිළිබඳව නීති-රීති  ඕනෑවටත් වඩා තිබෙනවා. නමුත් ඒවා කි‍්‍රයාත්මක නොවීම තමයි ගැටලූව. අනවශ්‍ය ඉදිකිරීම් සිදුකර තිබෙන අයට දඬුවම් දෙන්න ගියොත් තවත් වසර 5-6ක් යන්න පුළුවන්. කළ යුතුව තිබෙන්නේ, දේශපාලන මැදිහත්වීම් මත සිදුකරන අනවසර ගොඩ කිරීම් නවත්වන එකයි.
ආපදාවට ලක්වන ප‍්‍රදේශ පිළිබඳව ආණ්ඩුව විද්‍යාත්මක සමීක්‍ෂණයක් කළ යුතුයි. ඒ මගින් ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා අවදානම් ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කළ යුතුයි. ජනතාවට ඉවත් වෙන්න විකල්ප ඉඩම් ලබාදිය යුත්තේ ආණ්ඩුවයි. විකල්ප ස්ථාන ලබා නොදී ජනතාවට ඉවත් වෙන්න කිව්වට එය ප‍්‍රායෝගික නැහැ.
මේ ආපදාව වෙනුවෙන් ආණ්ඩුව වෙන්කළේ මිලියන 150යි. මිලියන 150ක් කියන්නේ ඉතාම සොච්චම් මුදලක්. මේ ආණ්ඩුව 2016 සඳහා ආපදා කළමනාකරණයට වෙන් කළේ අඩු මුදලක්. මේ හදිසි තත්වයටත් ආණ්ඩුව සිදුකළ ඇස්තමේන්තුවත් වැරදි එකක්. ඒ නිසයි අපි කිව්වේ මේ ආණ්ඩුව මුල සිටම හිටපු ස්ථාවරය අඩු තක්සේරුවක් කියලා. සතියක් පමණ ගතවුණාට පසුව තමයි මේ ආණ්ඩුව හැම දේම කරන්න පටන් ගත්තේ.
තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් වගේම අනෙකුත් පරීක්‍ෂණ කටයුතුවල ප‍්‍රමාදයක් තිබෙනවා. තාජුඞීන් ඝාතනය සිදුවී වසර ගණානවක් වෙනවා. ඒ වගේම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර වසරකට වැඩියි. පරීක්‍ෂණ මෙන්ම වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමත් ඉබි ගමනේ. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුර සේනානායකගේ කටඋත්තර අනුව ඒ පිටුපස සිටින දේශපාලන බලවතුන් කවුදැයි හෙළිදරව් කර ගන්න පුළුවන්. මොකද, මේ ඝාතන පිටුපස අනිවාර්යයෙන්ම දේශපාලන ලොක්කෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා. නැතිව පොලීසියට ඝාතන සිදුකිරීමේ වුවමනාවක් නැහැ. එනිසා අප කියා සිටින්නේ මෙම ඝාතන සහ අපරාධ පිටුපස සිටින දේශපාලකයින් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුයි. ඔවුන්ගේ අපරාධ නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගන්න ඉඩ දියයුතු නැහැ.
කිතුල් ගහට නැගපු මිනිහාටත් කියන්න දෙයක් තිබුණා. දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පාවිච්චි කරපු ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් කියන්නේ කිතුල් ගහට නැගපු මිනිහාගේ කථාව. මුසම්මිල් කිතුල් ගහට නැග්ගේ තණකොළ කපන්න නොවන බව කවුරුත් දන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තමන්ගේ පාවිච්චියට අරගෙන ජනතා දේපළ මුදල් අවභාවිතා කළ මෙවැනි හොරුන්, මංකොල්ලකාරයින්ට අනිවාර්යයෙන් දඬුවම් ලබාදිය යුතුයි. වැරදි වැඬේ කරපු හොරු අද කටමැත දොඩවන තත්වයක් මතුවෙලා තිබෙනවා.
අපේ රටේ දේශපාලනයේ ඛේදවාචකය කියන්නේ මංකොල්ලකාරයින්ට, හොරුන්ට ජනතා දේපළ හොරා කන්නන්ට ජනතාව විසින්ම ඡුන්දය ලබා දීමයි. ඡුන්දය දුන්නු ජනතාවම පස්සේ කියනවා හොරා මංකොල්ලකාරය කියලා. මින් ඉදිරියටවත් කළ යුතු වන්නේ හොරුන්ට, මංකොල්ලකාරයින්ට දැන දැනම ඡුන්දය පාවිච්චි නොකර සිටීමයි.
මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *