අයවැය සම්මතයි ; පාර්ලිමේන්තුව මාසයක් වසයි

ආණ්ඩුවේ 2022 අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 93 කින් සම්මත වූ අතර ඉන් පසුව පාර්ලිමේන්තු රැස්වීම් ලබන මස 11 දා දක්වා මසකින් කල්තබනු ලැබීය.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී එයට පක්ෂව 157 ක් සහ විපක්ෂව 64 ක් ලෙස ඡන්ද හිමි වී තිබිණි.

ඉන් පසුව මෙම වසර සඳහා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙනු ඇති අතර එය නැවත රැස්වීමට නියමිත වන්නේ ජනවාරි මස 11 දා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *