‘‘ගිලෙන නැව්වලට ගොඩවෙන්න මට පිස්සු නෑ‘‘ – රනිල්


 

ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පවසා තිබේ .

අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට යන බවට රාවයක් පැතිර ඇතැයි ද එහි සත්‍යතාවයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය .

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගතහොත් ආර්ථිකය යළි ගොඩ ගැනීමට හැකි වෙතියි සමහරුන් තුළ මතයක් ඇති බව එම මන්ත්‍රීවරුන් එහිදී පවසා තිබෙි.

රටේ ඩොලර් සංචිතය ජනවාරි වන විට අවසන් වෙන තැනකට පැමිණ ඇතැයි ද ආර්ථිකය ඉතා අපහසු තැනක පවතින බැවින් ලබන වසර අමාරු වසරක් වේවි යැයි වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *