“කිරිපිටි අත්‍යවශ්‍ය නෑ” – මුදල් අමාත්‍යංශයේ තීරණයක් – ආනයනයට විනිමය සීමා කරයි !

කිරිපිටි මෙරටට අත්‍යවශ්‍ය ආහාරයක් නොවන බව තීරණය කොට ඇති මුදල් අමාත්‍යංශය කිරිපිටි ආනයනය සඳහා මුදල් ලබාදීම සීමා කොට ඇති බව ආනයනකරුවෝ කියති.

රටපුරා ඇතිව තිබෙන කිරිපිටි හිගයට හේතුව ආනයනය සඳහා විදේශ විනිමය නිකුත් කිරීම සීමා කොට තිබීම බව ඔවුහු කියති.

රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස ප්‍රමුඛතා ලැයිස්තුවක් මුදල් අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබ ඇති බවත්, එහි දී කිරිපිටි මෙරටට අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස සලකා නැති බවත්, වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

තමන්ගේ සහ තම දරුවන්ගේ පෝෂණය සඳහා අත්‍යවශ්‍ය ලෙස සලකන කිරිපිටි ලබාගැනීම සඳහා පසුගිය දිනවල මහජනයා දිගු පෝලිම්වල රස්තියාදු වනු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *