අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1000 ක් ඩොලර් නැතිව වරායේ සිරවෙයි

රටට අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට විදේශ විනිමය නිකුත් නොකිරීම නිසා වරායේ සිර වී ඇති බව ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

විදේශ විනිමය නිකුත් කිරීම සීමා කොට තිබීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබේ.

නිතිපත ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර සඳහා ප්‍රමාණවත් විනිමය නිකුත් නොවන බවත්, නිකුත් කරන සුළු ප්‍රමාණයෙන් නිදහස් කරගන්නා කන්ටේනර්වලට වැඩි ප්‍රමාණයක් නිතරම පැමිණීම නිසා දිනෙන් දින සිරවන කන්ටේනර් ප්‍රමාණය වැඩි වන බවත් ආනයනකරුවෝ කියති.

මේ ගැන මාධ්‍ය කළ විමසුම් වල දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කීවේ ප්‍රමුඛතා පදනමක් මත විදේශ විනිමය නිකුත් කිරීම සිදුවන බවයි.

කෙසේ වෙතත්, ආනයනකරුවන් පවසන්නේ තමන් ගෙන්වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කරගත් නොහැකිව වරායේ සිර වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *