අතේ සංචිත නැතත් රෝල ගහන්න පුළුවන් බව මහ බැංකු අධිපති කබ්රාල් කියයි

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ අවම මට්ටමට පිරිහී ඇතත්, රටට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඩොලර් සපයාගත හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත. දැනට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මුදල් නිකුත් කොට ඇති බවත්, ඉදිරියේ දී ද අවශ්‍ය මුදල් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් ඒ මහතා කියයි.

ඉදිරි කාලයේ විශාල ණය මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වී තිබීමත්, ආහාර සහ ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය මුදල් සපයාගත නොහැකි තත්ත්වයක් පැවතීමත්, ඒ අතර රටේ විදේශ සංචිත පිරිහී තිබීමත් ගැන මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.

කබ්රාල් මහතා කීවේ රජයේ වියදම් සලකා බැලීමේ දී අතේ ඇති සංචිත ගැන පමණක් නොව ලැබෙන්නට ඇති මුදල් ගැන ද සලකා බැලිය යුතු බවයි.

එහි තේරුම නම් ඒ ඒ මොහොතේ ලැබෙන මුදල්වලින් වියදම් පියවා ගැනීමට සැලසුම් කොට ඇති බවයි. එනම් රෝල ගහන්නට සුදානම් බව යි.

රටට ලැබෙන විදේශ ආයෝජන, රුපියල ස්ථාවර වීම ආදිය ගැන කබ්රාල් මහතා මීට පෙර බොහෝ දේ කියා ඇති නමුත් ඒ කිසිවක් එලෙස සිදු වුයේ නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *