රණ්බන්ඩා සෙනවිරත්න අභාවප්‍රාප්ත ව අදට අවුරුදු විස්සකි…. – තුෂාර ‌සෙනෙවිරත්න

රණ්බන්ඩා සෙනවිරත්න අභාවප්‍රාප්ත ව අදට අවුරුදු විස්සකි. . බන්දුල නානායක්කාරවසම්  නැමැති චිර ප්‍රසිද්ධ සංවේදී කලාකරුවා ට අනුව රණ්බන්ඩා සෙනවිරත්න වඩාත්  ජීවතුන් අතර රැදෙන්නේ අනාගතයේදීයි. . බන්දුල අයියාට අනුව රණ්බංඩාගේ කලාව තුල, කාල පරිදිය, සමාජ  සම්මතය,  සමාජ විශමතා වැනි සාමාන්‍ය කාරනා  අතික්‍රමණය කොට තිබීම විශේෂිතය.  ඒ නිසාවෙන්ම ඉහත කියමන රණ්බංඩාගේ  නොමියන නිර්මාණ හා කලාරසික හරස්කඩ අරබයා පළ කළ  ප්‍රත්‍යක්ෂක් ලෙස ගත යුතුයි.

එය ඔහු ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ මට,  මහමගදී, කාර්යාලයන්හී දී, වැඩබිමේදි හමුවන විවිධාකාර වූද, අතිශය සාමාන්‍ය නමුත් , බොහෝ සංවේදී ආදරණීය මිනිසුන් නිරන්තරයෙන් මතක් කර දෙන බන්දුල අයියා  නිවැරදිව ප්‍රත්‍යක්ෂ කළ සත්‍යයයි.

මගේ වාහනය ඉදිරියෙන් ගමන් ගන්නා ත්‍රීරෝද රථ කීපයකම පසුපස ලොකු  අකුරින් ලියන ලදුව මගේ දෑසින්ම දැක ඇති පරිද්දෙන් ද,  මගේ හිතවතුන් කීපදෙනෙකුම චායාරෑපගතකොට මා වෙත එවන ලද තොරතුරුවලට අනුවද  “මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ”  ගීයට මහමගදී පවා සංවේදී මිනිසුන් පෙම් බඳින්නෙ, ආශක්ත වන්නේ වයසින්,   තරාතිරමකින් තොරව ය.

මෑත දිනෙක  මට මුන ගැසුන විශ්ව විද්‍යාල සිසුන් කීපදෙනකු කීවෙ ……….

“අයියේ අපේ වලේ සිංදු මොනා කීවත් අපි ඔක්කොම  අන්තිමේට සාජ්ජෙ ඉවර කරන්නේ, ඇස් වල කඳුළු පුරෝගෙන ඔක්කොමලා එකටම,  මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ ගීතයෙන්”
අප්පච්චීට දෛවෝපගතව ආශ්‍රයට ලැබුණේද ඉතා විශිෂ්ට වූ ද ඉතා අසාමාන්‍ය වූද,  කාල,  සම්මත,  සමාජ  සම්මත අතික්‍රරමනය කල මිත්‍රයන් රොත්තකි .

මෙයින් “ජෝ අබේවික්‍රම” නම් අග්‍රගණ්‍ය අසමසම රංගධරයාට  අනුව  ඔහු දැන සිටි අද්වකාත්වරු කිසිවෙකුටවත් කුඩා දේටත් ඇස් වලට කඳුළු නැගෙන්නේ නැත .

රණ්බන්ඩා ජෝ අබේ වික්‍රම ගේ අද්වකාත් වරු පිළිබඳ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් විනාශ කළේය.

“මේ මොන අද්වකාත් කෙනෙක්ද? අද්වකාත්ලා කියන්නේ හැඟීම් දැනීම් නැති බරපතල මිනිස්සු”.

මධුවිතට පුර්‍ර්වයේම ජෝ මාමාගෙන් රණ්බංඩාට සෙනෙහෙවන්ත උපහාසයක්.

අප්පචිචීගේ “බොනපාට්” සංගමයේ ඔහු යාවජීව සාමාජිකයෙකු වීය.

ජෝ මාමාට අනුව අහඹුව රණ්බංඩා අද්වකාත් වීම හෝ ගීතරචකයෙකු හෝ වීම නොව රණ්බංඩාගේ අති සාමාන්‍යය වූද  අසාමාන්‍ය වූද සංවේදී  හැසීරීමයි.

මගේ මතකයේ හැටියට වරක් එක දේශපාලනය පක්ශයක් බලයට පත්වූ අළුත ජෝ මාමාට වන සංරක්ෂණ අමාත්‍යාංශයේ උසස් තනතුරක් පිරිනමා තිඹුනි.

අප්පච්චිට පමනක් නොව ජෝ මාමාටද මේ පිරිනැමීම ඉතා හාස්‍යජනක සිද්ධියක් වූ බව නොරහසක්.

“ජෝ…….. මොන මගුලකට ඔය වගේ තනතුරක් බාර ගත්තාදැයි මට කියාපන් ”
අප්පච්චී ජෝ මාමා විමසුවේය.

මම………. මමත් දන්නෙ නෑ RB.

“හැබැයි දැං මං අපේ ගම්පලාතේ යනකොට මිනිස්සු  කැලෑව සුදු රෙදිවලින් වහනවා.”

“මං.. මුං එක්ක එක්කහු වෙලා මේවා කපාගෙන යයි කියන බයට වෙන්ටෑ.”

ජෝ මාමාගේ පිළිතුර විය.

ඒ කවුරුත් ජීවිතය, නනතුරු, ලාබ අලාබ,  යස අයස දැක්කේද , වින්දේද ඉතා සැහැල්ලුවෙනි.
කේමදාස ශූරීන් “ඔබ ගෙදර එන්න” ගීතයේ අන්තර්ගතය නිභයව පරිහරනය කිරීමට පෙලබීමම මේ අය කාලය සහ සම්මතය අතික්‍රමනය කොට නිර්මාණ කලෝ යැයි සපථ කිරීමට සාක්ශියකි.
මේ ගීතය පටිගත කලායින් පසු දිනක සෝමා කේමදාස නැන්දා (කේමදාස ශූරීන්ගේ දයාදර බිරිද)
අප්පච්චීට ……….

” හග්…. දෙන්නා එක්ක හරි ආත්මාර්ථකාමී සිංදුවක් කරල තියෙන්නේ”

යැයි ගෝරනාඩුවක් දැම්මායැයිද අසා ඇත්තෙමි.

(සෝමා නැන්දා ඉතා යහපත් කාන්තාවකි, ඇගේ නිවසේ කිසිදිනක කිසිවෙකුට කෑම බීම සංග්‍රහ සත්කාර වැරදුනේ නැත. ඉතා රසවත් කැම බීම, සහ අනෙකුත් කලමනාදිය සකසා ඉතා ඉක්මනින්ම කෝපවන කේමදාසයන් සුවෙන්, සතුටින් තබන්නට ඇය ඉතා වෙහෙස වී කටයුතු කල බව රාජගිරියේ ඒ නිවෙසට ආ ගිය බොහෝ දෙනා දනී)

කෙසේ වෙතත්,  මේ දිනයේම  සවස ඉස්තරම්ම වර්ගයේ බෝතලයක් ද රැගෙන, ගීත නිර්මානයේ සතුට සමරන්නට කේමදාස මාමා අපේ ගෙදරට ආ බවත්, ගීත නිර්මාණයට වඩා එකතු වී සිටි සියල්ලන්  සෝමා නැන්දාගේ ගොරනාඩුව සැමරූ බවත් මේ අයගේ සාමාන්‍ය ආවතේවකරුවා , රියඳුරා ආදී චරිත වලට නිරතුරුව පනදෙන මට හොදින්ම මතකය.

බන්දුල අයියාට අනුව (ඔබ ගෙදර එන්න ගීතය  රණ්බන්ඩා ගීත කීපයේ අග්‍රඵලයයි) අතීත මඝධ භාශා ඇසුරේ, මාර්ග ඵල ලැබූ බොදු තෙරණියන් ජීවිතය දුටු ආකාරය පිලිබදව ලියවුණු, කියැවුණ කුඩා තේරීගාථා (නමවන පාලිය, කුද්දුක්ක නිකාය) තුල දැකිය හැකී  ඉතා උසස් සංකල්පනාවක  හැර මේ ගීතයට සමපාත කිසිවක් මෙතෙක් ලියැවී නැති බව ඔහුගේ අදහසයි.  කාලය,  සම්මතය අතික්‍රමනය කිරීමේ මහානුභාව.

භාශා වෙසරදෙකු වූද, මානවසිංහ ශූරීන්ගේ සමකාලීන හෙළ හවුලේ ගමන් සඟයෙකුද වූ  ජයන්ත වීරසේකර ශූරීන්ගේ පුත්‍රයා වූද අතිදක්ශ සංගීත වේදියෙකුද වූ “සේන වීරසේකර” ශූරීන් සංගීතවත් කල “උලලේනෝ” ගීතයේද මුල් පෙල,  මැදපෙල,  පුනරුත් ගැයීම් ව්‍යායුක්ත ආකෘතියක් ඇති බවද එයම පමණක් වූවද සම්මතය කාලය අතික්‍රමනය කිරීමක් බවද තරයේ අදහමි.
රණ්බංඩා  පිලිබදව සුනිල් ආර් ගමගේ නම් විශිෂ්ඨ ගේයපද රචකයාගේ, කලාකාමියාගේ දැක්වීම ඉතා විචිත්‍රවත්. පසුගිය  දිනෙක ගීත රචක සංගමයේ බුද්ධිමය දේපල සදහාවන රැස්වීමකදී ඔහු කී පරිදි….

” අපේ ගීත රචක සංගමයේ වරෙක සභාපති වරයා වූ රණ්බංඩාගේ වචන වලින්ම මං මේව පටන්ගත්ත  හැටි කියන්නමි”

“මොනාද බං සුනිල් උබලගෙ මේ කසිකබල් සංගම්, මෙහෙම මේව කරන්න පුළුවන් ද? මේක ගීතයක සියළු නිර්මානකරුවන් එක පාර්ශවයක් වෙලා සටන් කරලා දිනාගන්න ඕන එකක්, මෙන්න මෙහෙ දියන් ඔය  ලියුං  කියුං මං ඕක හදන්නං”

“ඒ එකදාස් නමසිය අනූගනන්වල අග්ගිස්සේ”

“රණ්බංඩා බොහෝ දේ කල්තියා දැක්කා”

“අපේ අවාසනාවට රණ්බංඩා අභාවප්‍රාප්ත වුනා”,

මේ හමුවෙදිම  කාලෙකට පස්සෙ මුනගැසුන රෝහණ වීරසිංහ ශූරීන්, කුලරත්න ආරියවංශ ශූරීන්, සමන් අතාවුදහෙට්ටි ශූරීන්, ප්‍රනීත් අබේසුන්දර ශූරීන් ආදී විශිෂ්ඨයින් රණ්බංඩා සෙනෙවිරත්න ගැන මා සමඟ කතාකරනවිට ඒ අයගේ ඇස් දිලිසුනා. රණ්බංඩාගේ පුතා වෙච්චි නිසාම මං ලගට ඇවිදගෙන ආව නවපරපුරේ සමහර අය මටත් වචනයක් දෙකක් කතා කරන්න උත්සුක වුනා.

ලගකදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විශිෂ්ට කලාකරුවකු වූ “අපේ” බුද්ධදාස ගලප්පත්ති ශූරීන් රණ්බංඩා සෙනෙවිරත්න සාදයකදී තවත් විශිෂ්ටයෙකු වූ ධම්ම ජාගොඩ සූරීන් ගේ සජීවී  ගායනාවකට  සංවේදීව අත්පොඩි තලන හැටි පින්තූරයක් ද සමගින් මුහුණු පොතේ ඉතා හඟුම් දනවන ආකාරයට  සිහි කර තිබුණා.

මගේ පාසැල්  මිතුරිය   තමාරා  ජයතිලක  රණ්බංඩා සෙනෙවිරත්න නිර්මාණ  අරභයා   ලියූ  ලිපි  සහ සූම් තාක්ශය  ඔස්සේ  කල  වැඩසටහන් තුලදී  පලකල  ඉතා  වටිනා  අදහස්  බොහෝ පිරිසක් ආදරයෙන්  වැලඳ ගත් බවත්  ඉතා  නැවුම්  වූ  බවත්  ප්‍රහර්ශයෙන් සිහිපත්  කල යුතුයි.

මේ සංවේදී රත්තරන් මිනිස්සු රණ්බංඩා සෙනෙවිරත්න ජීවත් කරවනවා. එය මට සහසුද්දෙන්ම සහතිකයි,  ඔහුන්  රණ්බංඩා සෙනෙවිරත්න අන්‍යතාව  අනාගතයටත් අරන් යනවා.

අප්පච්චිට නිවන් සුව.

05/12/2021
තුෂාර ‌සෙනෙවිරත්නගේ මුහුණුපොතෙ​නි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *