මිනීමැරුමක් රිය අනතුරක් කලාට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක රිමාන්ඞ් බන්ධනාගාරයට

Anura_senanayake_arrested_remandරගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය මිනී මරුමක් බව දැන දැනම ඒ බව වසන් කර, එය රිය අනතුරක් බවට ඔප්පු කිරීමට බොරු සාක්කි දීමට, පරීක්‍ෂණයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ට බලපෑම් කළේයැයි චෝදනාවට ලක් වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජිත පොලිස්පති අනුර සේනානායක රහස් පොලීසිය විසින් අද (2016.05.23* අත්අඩං`ගුවට ගත් අතර, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
තාජුඞීන් ඝාතනය සිදු වූ දින අලූයම 2.45 – 3.20ත් අතර කාලයේ ඔහු සාමාන්‍ය අඳුමින් සැරසී නාරහෙන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසල මහපාරේ සිටි බවට සාක්කි ඇතැයි රහස් පොලීසිය අද අදිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් විය.
සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත‍්‍රණය කිරීම යටතේ ඔහුට චෝකනා නැගීමට තරම් ප‍්‍රමාණවත් කරුණු ඇතැයි රහස් පොලීස් අධිකාරි ශානි අබේසේකර මහතා මහේස්ත‍්‍රාත් හමුවේ කියා සිටියේය.
තාජුඞීන් ඝාතනය පිළිබඳව අනුර සේනානායක අත්අඩංගුවට ගනු ඇතැයි යුක්තිය මුලින්ම වාර්තා කරන ලදී

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *