විදුලිය බිඳ වැටීමත් සමග විදුලි සටනත් බිඳ වැටෙයි !!!

යුගදනවී විදුලි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කොට තිබු වෘත්තීය ක්‍රියාමාර්ග අවස්ථාවේ රටපුරා සිදු වූ විදුලි බිඳ වැටීමත් සමග ඇති වූ මහජන විරෝධය හමුවේ විදුලි වෘත්තීය සමිතිවල අරගලය ද බිඳ වැටී ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

මෙම වෘත්තීය අරගලයට නායකත්වය දුන් විදුලි ඉංජිනේරු සංගමය විදුලිය බිඳ වැටීමෙන් පැය කිහිපයක් තුළ නිවේදනය කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත් හිටවන බව යි. ඉන්පසු වෙනත් වෘත්තීය සමිති ද , එම පිළිවෙත ම අනුගමනය කළ බව වාර්තා වෙයි.

ආණ්ඩුවට රටේ ඇති වී තිබෙන විරෝධය හමුවේ තම අරගලයට විශාල ජනතා සහයක් ලැබෙනු ඇතැයි ඇතැම් වෘත්තීය සමිති නායකයින් අපේක්ෂා කළ ද, රටපුරා විදුලිය විසන්දී  වීමත් සමග ප්‍රකාශ වුයේ මේ මොහොතේ මෙම අරගලයට ඇති වූ බරපතළ විරෝධයකි.

ආණ්ඩුව ගැන මෙන් ම ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇති මහජන කලකිරීම මෙමගින් පෙන්නුම් කළ බව තම විචාරකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *