අලුත් ගෑස් විතරක් හෙට සිට වෙළෙඳපොළට දමන්නැයි සමාගම්වලට නියෝග

පාරිභෝගික සේවා අධිකාරිය නියම කොට ඇති අලුත් කොන්දේසි යටතේ නිපදවන ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (05) සිට යළිත්  වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම්වලට නියෝග කර තිබේ.

ඒ අනුව හෙට සිට වෙළෙඳපොළට නිකුත් කළ යුතු වන්නේ පහත කොන්දේසි යටතේ අලුතින් නිපදවන ගෑස් සිලින්ඩර පමණකි.

එම අනුව ,

  1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම
  2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම
  3. මෙම ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර serial number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීම

යන කොන්දේසි වලට යටත්ව සහ මෙම කරුණු සපුරා ගැනීම සඳහාත් ගුණාත්මකභාවය සොයාබැලීම සඳහාත් පත්කරන ලද කමිටුවේ අධීක්ෂණයට යටත්ව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *