|

කාබනික පොහොර ඉලක්ක ඉටුකරයිද? – බතලගොඩ වී පර් යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී. ධනපාල

වී ගොවිතැනත් එළවළු සහ තේ වගාවත් ඉතිහාසයේ කවරදාකවත් නොවූ අර්බුදයක වැටී සිටියි. ඊට ප්‍රධාන හේතුවවී තිබෙන්නේ රසායනික පොහොර තහනම් කිරීමය. මේ වනවිට ඒ තහනම ඉවත් කර තිබුණද ඒ තහනම නිසා නිසි කල වගා ආරම්භ කිරීමට අපේ ගොවින්ට නොහැකි විය. ඒ නිසා එළඹෙන පෙබරවාරි හා මාර්තු මාසවලදී රට ආහාර අහේනියකට ඇද වැටෙන බව ගොවියෝත් කෘෂි විද්‍යාඥයෝත් කියති. පෙන්වා දෙති. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

ඒ විමසුම කරන්නේ මෙරට සිටින ප්‍රවීණ කෘෂිවිද්‍යාඥයෙකි. ආචාර්ය එම්.පී. ධනපාල නමැති ඒ කෘෂිවිද්‍යාඥයා බතලගොඩ වී පර් යේෂණ හා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. ජාත්‍යන්තර සහල් පර් යේෂණායතනයෙහිද ජපානයේ ‘සුකුබාහි’ පිහිටි ජාත්‍යන්තර කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයෙහිද සේවය කර තිබෙන ධනපාල මහතා කෘෂිකර්මය පිළිබඳ සිය ප්‍රථම උපාධිය දිනාගෙන තිබෙන්නේ ලංකා විශ්වවිද්‍යාලයෙනි. ජපානයේ ‘සාගා’ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධියද ඇමරිකාවේ නෝර්ත් බැකෝටා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියද දිනාගත්තෙකි. ඒ විද්‍යාඥයා වර්තමානයේ කෘෂිකර්මාන්තයේ තිබෙන ප්‍රශ්නය මෙසේ දකියි.

මෙරට වී ගොවිතැන රසායනික පොහොර භාවිත කරන්නේ 1958 පමණ සිටය. රසායනික ගොවිතැන උත්සන්න වූයේ 1970 න් පසුවය. එය එසේ වූයේ රටේ අවශ්‍යතාව මතය. එනම් අප සහලින් ස්වයං පෝෂිත කිරීම සඳහාය. එක රැයකින් රසායනික පොහොරවලට ආයුබෝවන් කියා කාබනික පොහොරින් වී ගොවිතැන් කරන්නට යන බවක් ගොවියා දැනගෙන සිටියේද නැත. කාබනික පොහොරට එක රැයකින් ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා මෙවර එනම් 2021/22 මහ කන්නයේදී රට පුරා ගොවීන් විශාල පිරිසක් වී ගොවිතැනින් ඉවත්ව සිටින බවට ජන මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

රසායනික පොහොර ප්‍රතික්ෂේප කර කාබනික පොහොරට එක රැයකින් මාරුවන බවත් ගොවීන්ට කල්තබා කියා තිබුණේ නම්, ඔවුහු ඒ සඳහා සූදානම් වෙති. එහෙත් එවැන්නක් නොවීම නිසා ගොවියෝ කලබල වූහ. පාරට පැමිණියහ. උද්ඝෝෂණ කළහ. අවසානයේ රජය තම ප්‍රතිපත්තිය වෙනස් කළේය. එහෙත් ඒ වනවිට බොහෝ විනාශයක් සිදුවී හමාරය. වී ගොවිතැනේ පමණක් නොව එළවළු පලතුරු හා තේ වගාවේද ඒ විනාශය වී තිබිණි. රජයට තිබෙන ආර්ථික දුෂ්කරතා නිසා රටින් පොහොර ආනයනය කිරීමට නොහැකි බව රජය කල්තබා ගොවියාට කියා සිටියා නම් ගොවීහු ඒ සඳහා සුදානම් වන්නාහ. එසේම රජය අපහසුතාවට පත්වන අයුරින් පාරට බසින්නේද නැත. උද්ඝෝෂණය කරන්නේද නැත.

ගොවියෝ නිතරම දෙපැත්ත ගැනම සිතන කල්පනා කරන පිරිසකි. ගොවියෝ කිසිදාක එක පැත්තක් ගැන පමණක් නොසිතති. මක්නිසාදයත් ගොවිතැනේදී එසේ කල්පනා කළ නොහැකි නිසාය. ලාබ අලාබ, වාසි පාඩු, හොඳ නරක, යහපත අයහපත ගැන නොසිතා ගොවිතැන් කළ නොහැකිය. ඒ නිසා රජය තම තීරණය ගැන කල්තියා ගොවීන් දැනුවත් නොකිරීම රජයේම වරදකි. ඒ අනුව ගොවීහු පාරට බැස්සා නොව බැස්සූහ. එහි වගකීම රජය භාරගත යුතුවා මිස ගොවීන්ට දෝෂාරෝපණය කිරීම වැරැදිය.

ආණ්ඩුවේ තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ගැන ගොවීන් සමග සාකච්ඡා කළා නම් ගොවීන් ආණ්ඩුවට එහි හොඳ නරක පෙන්වා දෙනවා නියතය. ගොවීන්ගෙන් අසන්නට අකැමැතිනම් හෝ අපහසුනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අසන්නට, විමසන්නට හැකියාව තිබිණි. බතලගොඩ වී පර් යේෂණායතනයෙන් ඇසුවා නම් එහි සිටින විද්‍යාඥයෝ විද්‍යාත්මකව පිළිතුරු දෙන්නාහ. එහෙත් සියල්ල කොලොප්පම් වූයේ එක රැයකින් රසායනික පොහොර තහනම් කළ නිසාය.

ලංකාවේ වී අභිජනනය කරන වැඩ සටහනේ ඉතිහාසය අවුරුදු සියයකට වඩා පැරැණිය. වී වර්ග දියුණු කළ යුතුය කියා කල්පනා කර තිබෙන්නේ 1914 දීය. ඒ සුද්දන්ගේ කාලයේය. හොඳ වී වර්ග තේරීම ආරම්භ වී තිබෙන්නේ යටත් විජිත සමයේමය. එකල පැවැතියේ නුමුහුම් බිත්තර වී ය. සිය ගණනක් වී වර්ගවලින් වර්ග 21 ක් පමණ 1940 ගණන් වනවිට තෝරාගෙන තිබේ. එකල ලංකාවේ ජනගහනය ලක්ෂ 70 ක් පමණ විය. එසේම එකල මෙරට සමස්ත වී නිෂ්පාදනය ප්‍රමාණවත් වී තිබෙන්නේ රටේ ජනගහනයෙන් තුනෙන් එකකටය. අනෙක් තුනෙන් දෙකට අවශ්‍ය තරම් හාල් ගෙන්වා තිබෙන්නේ පිටරටවලිනි. කූපන් පොත් ක්‍රමය මෙරට පටන් ගෙන තිබෙන්නේ පිටරට වලින් ගෙන්වූ හාල් බෙදීමටය. වී අස්වැන්න වැඩි කර ගැනීමට පොහොර දැමිය යුතුය යන කතාව තිබුණේ එකල සිටය.
එසේ පොහොර දැමීම නිසා දැඩි වී තිබෙන්නේ ඵලදාව නොව කොළදාවය. දෙමුහුම්කරණයට යොමුවී තිබෙන්නේ ඉන් අනතුරුවය. එමගින් වී වර්ග කීපයක තිබුණු හොඳ ලක්ෂණ එක ගසකට ගත්තේය.

ලංකාවේ වී අභිජනනය කරන වැඩ සටහනේ ඉතිහාසය අවුරුදු සියයකට වඩා පැරැණිය. වී වර්ග දියුණු කළ යුතුය කියා කල්පනා කර තිබෙන්නේ 1914 දීය. ඒ සුද්දන්ගේ කාලයේය. හොඳ වී වර්ග තේරීම ආරම්භ වී තිබෙන්නේ යටත් විජිත සමයේමය. එකල පැවැතියේ නුමුහුම් බිත්තර වී ය. සිය ගණනක් වී වර්ගවලින් වර්ග 21 ක් පමණ 1940 ගණන් වනවිට තෝරාගෙන තිබේ. එකල ලංකාවේ ජනගහනය ලක්ෂ 70 ක් පමණ විය. එසේම එකල මෙරට සමස්ත වී නිෂ්පාදනය ප්‍රමාණවත් වී තිබෙන්නේ රටේ ජනගහනයෙන් තුනෙන් එකකටය. අනෙක් තුනෙන් දෙකට අවශ්‍ය තරම් හාල් ගෙන්වා තිබෙන්නේ පිටරටවලිනි.

එච්. වී වර්ග නමින් භාවිතයට පැමිණ තිබෙන්නේ ඒ දෙමුහුම්වී වර්ගය. එච්. නමින් හඳුන්වා තිබෙන්නේ ‘හයිබ්‍රිඩ්’ බව ඇඟවීමටය. එච්. වර්ගවලද කොළදාව වැඩිවිය. කොළදාව අඩු ඵලදාව වැඩි, උස අඩු, හැම කොළයකටම හොඳට අව්ව වැටෙන වී වර්ග නිෂ්පාදනය වූයේ ඉන් අනතුරුවය. එය එසේ වූයේ 1914 දී ආරම්භ කළ මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙනි.

වී අස්වැන්න වැඩි කර ගැනීමට මූලික වූයේ පොහොරය. ගොයම් ගසේ ඵලදාව වැඩි කිරීමට දිය හැකි එකම යෙදවුම (input) පොහොර පමණකි. කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක යනාදියෙන් කරන්නේ අස්වැන්න අඩුවීම වැළැක්වීමය. රටට අවශ්‍ය තරම් හාල් රට ඇතුළේම නිෂ්පාදනය කරගැනීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් වර්ධනයවූයේ එලෙසිනි.

අද රටේ ජනගහනය ලක්ෂ 220 කි. එනම් හතළිස් ගණන්වල මෙන් තුන් ගුණයකි. එතරම් ජනගහනයකට ප්‍රමාණවත් තරමින් හාල් නිෂ්පාදනය කිරීමට හැකි වූයේ රසායනික පොහොර නිසාමය. ගොයම් ගසේ ඵලදාව වැඩි කළ හැකි එකම යෙදවුම රසායනික පොහොර පමණකි. ඒ බව ගොවියෝ හොඳින් දනිති. ඔවුන් ගොවිතැන් නොකර සිටින්නේ රසායනික පොහොර නැතිව කරන ගොවිතැනින් ප්‍රයෝජනයක් නොවන බව දන්නා නිසාය. ඒ නිසා ගොවියා ගොවිතැනින් ඉවත්වීම සම්බන්ධයෙන් ගොවියාට චෝදනා කළ නොහැකිය.

අද රටේ ජනගහනය ලක්ෂ 220 කි. එනම් හතළිස් ගණන්වල මෙන් තුන් ගුණයකි. එතරම් ජනගහනයකට ප්‍රමාණවත් තරමින් හාල් නිෂ්පාදනය කිරීමට හැකි වූයේ රසායනික පොහොර නිසාමය. ගොයම් ගසේ ඵලදාව වැඩි කළ හැකි එකම යෙදවුම රසායනික පොහොර පමණකි. ඒ බව ගොවියෝ හොඳින් දනිති. ඔවුන් ගොවිතැන් නොකර සිටින්නේ රසායනික පොහොර නැතිව කරන ගොවිතැනින් ප්‍රයෝජනයක් නොවන බව දන්නා නිසාය. ඒ නිසා ගොවියා ගොවිතැනින් ඉවත්වීම සම්බන්ධයෙන් ගොවියාට චෝදනා කළ නොහැකිය.

දැන් මේ එළඹ තිබෙන්නේ දෙසැම්බර් මාසයයි. දෙසැම්බර් මාසයේ දිවා කාලය අඩුය. ඒනිසා පරක්කුවී වගා කළත්, වැපුරුවත් ගොයම් ගස නිසි ලෙස වර්ධනය නොවෙයි.

දෙසැම්බර් 21 පමණ වන විට දවසක දිවා කාලය පැය 12 ක් නොව පැය එකොළහමාරක් පමණ වෙයි. ඒ නිසා ප්‍රභාසංස්ලේෂණය සඳහා ගොයම් ගසට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවෙයි.

පරක්කුවී වගා කරන ගොයමට රසායනික පොහොර යෙදුවත් ඉන් ලබාගත හැකි ඵලදාව, අස්වැන්න අඩුය. ඒ ගොයම් ගසේ ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය තරම් දිවා කාලයක් නොලැබෙන හෙයිනි. ඒ අනුව පරක්කුවීම සහ පොහොර නැතිකම යන හේතු දෙක මත අස්වැන්න මහා පරිමාණයෙන් අඩුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස රටට අවශ්‍ය තරමට හාල් නැතිවනු නිසැකය. සරලව කිවහොත් ඇතිවිය හැක්කේ කෑමට අවශ්‍ය තරමට හාල් නැති තත්ත්වයකි. අනෙක ගොයම් ගසට අවශ්‍ය එන්.පී.කේ. යන මූලද්‍රව්‍ය අවශ්‍ය තරමට නොලැබෙයි.එන් යනුවෙන් හඳුන්වන්නේ නයිට්‍රජන්ය.

කොම්පෝස්ට්වල තිබෙන නයිට්‍රජන් ප්‍රමාණය සියයට තුනකි. සියයට තුනක් තිබෙන්නේත් පොඩ්ඩක්වත් වතුර නැති කොම්පෝස්ට්වලය. එහෙත් යුරියාවල තිබෙන නයිට්‍රජන් ප්‍රමාණය සියයට 46 කි. ලංකාවේ සියයට සියයක් වතුර නැති කොම්පෝස්ට් නැත. ලංකාවේ තිබෙන්නේ වතුර සහිත කොම්පෝස්ට්ය. ඒ නිසා කොම්පෝස්ට් යොදන ගොවියාට පොහොර කියමින් වතුරද කර තබාගෙන කුඹුරේ එහෙ මෙහේ යාමට සිදුවෙයි. ගොවිතැන ගැන තුලනාත්මක අවබෝධයක් සහිත ගොවීන් කාබනික පොහොරින් පමණක් වගාකර වැඩක් නැතැයි කියන්නේ එහෙයිනි. කාබනික පොහොර ගැන පර් යේෂණ කිරීමේ වුවමනාවක් හෝ අවශ්‍යතාවක් ගොවීන්ට නොමැති බව පර් යේෂකයෝ දනිති. කාබනික පොහොරින් පමණක් වගා කිරීමට ගොවීන් අකැමැතිව සිටින්නේ ඔවුන් සතු ව්‍යවහාර ඤාණය නිසාය.

කාබනික පොහොර ගැන පර් යේෂණ කිරීමේ වුවමනාවක් හෝ අවශ්‍යතාවක් ගොවීන්ට නොමැති බව පර් යේෂකයෝ දනිති. කාබනික පොහොරින් පමණක් වගා කිරීමට ගොවීන් අකැමැතිව සිටින්නේ ඔවුන් සතු ව්‍යවහාර ඤාණය නිසාය.

රසායනික පොහොර භාවිත කළත් ලංකාවේ හාල් කනවාට වඩා ඉන්දියාවෙන් හාල් ගෙනැවිත් කෑම ලාබදායක බව ඇතැම් අය කියති. ලංකාවේ වී සහ හාල් මිල ඉහළ මට්ටමක පවතින්නේ අපේ රටේ නිෂ්පාදන වියදම ඉහළ නිසාය. ට්‍රැක්ටර් සහ මිනිස් ශ්‍රමයට ගෙවන කුලිය ලංකාවේ ඉතා ඉහළය. එහෙත් ඉන්දියාව වැනි රටවල ඒ කුලී ලංකාවේ තරම් ඉහළ නැත. එසේම ඉන්දියාවේ ගොවිතැනට දෙන රාජ්‍ය සහනාධාරද ඉතා ඉහළය. විදුලිය හා පොහොර පවා ඉන්දීය ගොවියාට නොමිලයේ වාගේ ලැබෙයි.

ඒ නිසා ඉන්දියාව වැනි රටවල වී සහ හාල් නිෂ්පාදන වියදම ඉතා පහළය. ඒ නිසා ඉන්දියාවේ නිෂ්පාදන වියදම සමග ලංකාවේ නිෂ්පාදන වියදම සැසඳීම අතාර්තිකය. ලෝක වෙළෙඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන හා ආයතන කියන්නේ තුලනාත්මකව වාසිදායක (Comparative Advantage) නොවන දේවල් අත් හළ යුතු බවය. ඒ අනුව ලංකාවද වී වගා නොකර හාල් රටින් ගෙන්විය යුතුය. අපට එසේ කියන හා නිර්දේශ කරන පුද්ගලයන් සහ රටවල් ලංකාව සංසන්දනය කරන්නේ කප්පරක් සහනාධාර දෙන රටවල් සමගය. එහෙයින් ඔවුන්ගේ ‘කොම්පැරටිව් ඇඩ්වාන් ටේජ් තියරි’ තුලනාත්මක නැති බව අපට ඒ ‘තියරි’ කියා දෙන පුද්ගලයන් හා සංවිධාන දැනගත යුතුය.

නිෂ්පාදන වියදම වැඩිකම අපේ රටේ වී වගාවේ පමණක්  පවතින්නක් නොවේ. මෙරට තේ වගාවේද ඒ ප්‍රශ්නය පවතී. කෙන්යාවේ සහ ඇසෑමයේ තේ සමග ලංකාවට තරග කළ නොහැක්කේ එහෙයිනි. ඒ රටවල තේ නිෂ්පාදන වියදම ලංකාවේ තරම් ඉහළ නැත.

ඉන්දියාව පමණක් නොව තායිලන්තය, බුරුමය, වියට්නාමය වැනි රටවල්ද හාල් නිෂ්පාදනය කරයි. තායිලන්තය හා බුරුමය වැනි රටවල වී වගාකරන කාලයේ දවසක දිවා කාලය වැඩිය. එය වී වගාවට බෙහෙවින් වාසිදායකය. වියට්නාමයේ වැඩියෙන් වගාකරන්නේ ‘හයිබ්‍රිඩ්’ වී වර්ගය. චීනයද එසේමය. චීනයේ හෙක්ටයාරයකින් වී ටොන් 18 ක් ලබාගත හැකිය. බුසල් වලින් නම් අක්කරයකට බුසල් 360 කි. ලංකාවේ සාමාන්‍යය වී අස්වැන්න අක්කරයකට බුසල් 100 කි. අතීතයේ දේශීය වී වලින් ලැබුණේ අක්කරයකට බුසල් 15 ක අස්වැන්නකි. මා මේ කියන්නේ පොදු හෙවත් සාමාන්‍ය (Average) තත්ත්වයයි.

වියට්නාමයේ වැඩියෙන් වගාකරන්නේ ‘හයිබ්‍රිඩ්’ වී වර්ගය. චීනයද එසේමය. චීනයේ හෙක්ටයාරයකින් වී ටොන් 18 ක් ලබාගත හැකිය. බුසල් වලින් නම් අක්කරයකට බුසල් 360 කි. ලංකාවේ සාමාන්‍යය වී අස්වැන්න අක්කරයකට බුසල් 100 කි. අතීතයේ දේශීය වී වලින් ලැබුණේ අක්කරයකට බුසල් 15 ක අස්වැන්නකි. මා මේ කියන්නේ පොදු හෙවත් සාමාන්‍ය (Average) තත්ත්වයයි.

යම් තැනක සාමාන්‍ය අගයට වැඩි අස්වැන්නක් ලැබිය හැකිය. එහෙත් එය සාමාන්‍ය අස්වැන්න ලෙස ගණන් බැලීම වැරැදි උපකල්පනයකි. ඉන්දියාවේ සාමාන්‍ය (Average) අස්වැන්න ලංකාවට වඩා අඩුය. ඝර්ම කලාපීය රටවල් අතරින් ලංකාවට වැඩි සාමාන්‍ය අස්වැන්නක් තිබෙන්නේ ඉන්දුනීසියාවේ පමණකි. ඉන්දුනීසියාවේ එසේ වන්නේ දේශගුණික සාධක මතය.

යථාර්ථය ඉවත දමමින් ගෙනහැර දක්වන තුලනාත්මක වාසිය පිළිබඳ න්‍යාය (Comparative Advantage) මත අපට කටයුතු කළ නොහැකිය. ඒ න්‍යාය ව්‍යාජයක් බව මම ඉහත සඳහන් කළෙමි. අනෙක ලංකාවේ ප්‍රධාන ආහාරය බත්ය. එසේම රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් නියැලෙන්නේ කෘෂිකර්මාන්තයේය. ඒ සාධක ගැන නොසලකා හරිමින් ලංකාවේ වී වගාකරනවාට වඩා හාල් රටින් ගෙන්වීම හොඳය කිව නොහැකිය. රටින් හාල් ගෙන්නුවොත් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් ජීවත් වන්නේ කෙසේද? කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල රැකියා කරන්නන්ට යන කල දසාව කුමක්ද?

මොහොතකට ජපානය ගැන හිතන්න. ජපානයේ හාල් කිලෝවක මිල ලංකාවට වඩා තුන් හතර ගුණයකින් වැඩිය. හේතුව එරට මිනිස් ශ්‍රම කුලිය වැඩි නිසාය. ජපානය තම රටට පිරටවලින් හාල් ගෙන්වන්නේ නැත. තම රටේ හාල් පිටරටවලට යවන්නේත් නැත. තමන්ට අවශ්‍ය හාල් තම රටේම නිපදවා ගනියි. ලංකාවද එසේ විය යුතු බව මගේ අදහසයි. අපේ රටට අවශ්‍ය හාල් අපම නිපදවා ගත යුතුය.

එසේ කළහොත් ගොවිතැන් පාරිභෝගිකයාත්, කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත කර්මාන්තත්, ඒවායේ රැකියා කරන්නෝත් සුරැකෙති. ඒ සඳහා තිබෙන සහනාධාර නොකපා තවත් වැඩි කළ යුතුය. ඉහත කී පිරිස් සමග කෘෂිකර්මාන්තයත් සුරැකෙන්නේ එසේ කළහොත් පමණකි. ගොවියාගේ වියැට ගෙඩියට සාධාරණ මුදලක් ලැබිය යුතුය. එසේම පරිභෝගිකයාටද සාධාරණ මිලකට හාල් ලැබිය යුතුයි. කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත කර්මාන්තත් ඒවායේ රැකියා කරන්නන් සුරැකෙන්නේ වී ගොවිතැන පැවතුණහොත් පමණකි.

ඉතිහාසයේ කිසි දිනෙක වී ගොවිතැනත් වී ගොවියාත් හාල් පාරිභෝගිකයෝත් මේතරම් අසරණ නොවූහ. ගොවියෝ නොමිලේ පොහොර හෝ රුපියල් 350 ට පොහොර නොඉල්ලූහ. ඒ සියල්ල ඡන්ද ගුණ්ඩුය. එහෙත් මෙතෙක් ගොවියෝ තම ගොවිතැන කරගෙන ආහ. අවශ්‍ය විටකදී පමණක් රජය මැදිහත් විය. හාල් මිල, වී මිල සහ පොහොර සහනාධාරය පිළිබඳ ප්‍රශ්න ඇතිවූයේ රජයක් නොකළ යුතු දේවල් කිරීමට ගිය නිසාය.

කෘෂිකර්මය පිළිබඳ පණ්ඩිතයන් හෙවත් විශේෂඥයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සිටියදී ඔවුන්ගේ මත නොවිමසා කේවට්ටයන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් රජයත් ගොවියාත් ගොවිතැනත් අසීරු තත්ත්වයකට වැටී සිටින බව දැන් රටම දන්නා දෙයකි.

කෘෂිකර්මය පිළිබඳ පණ්ඩිතයන් හෙවත් විශේෂඥයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සිටියදී ඔවුන්ගේ මත නොවිමසා කේවට්ටයන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් රජයත් ගොවියාත් ගොවිතැනත් අසීරු තත්ත්වයකට වැටී සිටින බව දැන් රටම දන්නා දෙයකි.

බතලගොඩ වී පර් යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී. ධනපාල

 

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *