ගෑස් ටැංකි පිපිරීමට විසඳුමක් ! විකිණීම නවත්වයි

ගෑස් ටැංකි පුපුරා යාම පිළිබඳව දිගින් දිගට ලැබෙන වාර්තා හමුවේ වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව නතර කරන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කොට තිබේ.

වෙළෙඳපොළේ අනෙක් ගෑස් සැපයුම්කරු වන ලාෆ් සමාගම මේ වනවිටත් ගෑස් සැපයීමෙන් ඉවත් වී සිටියි.

රජය ප්‍රකාශ කරන්නේ ගෑස් සංයුතිය නිවැරදි කරන තෙක් ගෑස් විකිණීම නවතා දැමීමට සමාගම්වලට උපදෙස් දුන් බවයි.

ලෝක වෙළෙඳ පොලේ මිල අනුව සහ රුපියලේ බාල්දු  වීම අනුව ගෑස් මිල ඉහළ දැමීමට සමාගම් ඉල්ලා සිටිය ද රජය එයට ඉඩ නොදී ගෑස් මිල දී ගැනීම රජය මැදිහත් වී කරන යාන්ත්‍රණයක් ගොඩ නගා ගැනීමට උත්සහ දරමින් සිටියි.

ඒ අතර ටැංකියේ ඇති ගෑස් ප්‍රමාණය අඩු කොට නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දීමට රජයට අයත් ලිට්රෝ සමාගම ක්‍රියා කළේ ය. විරෝධය හමුවේ එය නවතා දැමුව ද දැන් චෝදනා එල්ල වී ඇත්තේ ටැංකිවල ගෑස් සංයුතිය වෙනස් කොට ඇති බවට ය.

චෝදනා හමුවේ දැන් සිදුකොට තිබෙන්නේ ගෑස් විකිණීම නවතා දැමීම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *