ඉංදියාවේ විරෝධය හමුවේ චීනය උතුරේ විදුලි ව්‍යාපෘති අතහරියි

චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ.

උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දුපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට චීන සමාගම සුදානමින් සිටි අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබිණි.

කෙසේ වෙතත් උතුරේ මෙම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඉන්දියාව විරෝධය ප්‍රකාශ කොට තිබිණි.

ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු බව චීනය නිවේදනය කොට ඇත්තේ මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම මගහැරීමේ පියවරක් ලෙස බව පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *